හෙද හෙදියන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක | දිනමිණ

හෙද හෙදියන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද (26) පෙරවරු 07.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර තිබේ.
 
එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සදහන් කළේ හෙද සේවයට බලපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබා නොදීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි. 
 
කෙසේවෙතත් ළමා රෝහල්, කාසල් කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක නොකෙරේ.
 
එමෙන්ම හදිසි ප‍්‍රතිකාර ඒකක සහ දැඩි සත්කාර ඒකක ද මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට එක් නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ප‍්‍රකාශ කළේය.
 
මේ අතර සිය ගැටළු සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙන ඕනෑම අවස්ථාවක වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හිටුවීමට සුදානම් බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වැඩිදුරටත් පැවසීය. 

නව අදහස දක්වන්න