ගුවන් හමුදා සාජන් ළඟ හොර සිගරට් 8600ක් | දිනමිණ

ගුවන් හමුදා සාජන් ළඟ හොර සිගරට් 8600ක්

අලෙවි කිරීම සඳහා ව්‍යාජ සිගරට් අටදාස් හයසියක් සමග ගුවන් හමුදා සැරයන්වරයකු සහ කාන්තාවක් හිඟුරක්ගොඩ කඳවුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ගුවන් හමුදා සැරයන්වරයකු බවත් කලක පටන් මෙම පුද්ගලයා විසින් ප්‍රදේශයේ වෙළඳසල් වෙත මෙම ව්‍යාජ සිගරට් අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කළ බව පොලිසිය කියයි.

මෙම ප්‍රදේශයේම වෙළඳසලක අලෙවි කරමින් තිබු ව්‍යාජ සිගරට් 26ක් සමග වෙළඳසල හිමිකාරියත් ගුවන් හමුදා සැරයන්වරයාගේ නිවසේ සඟවා තිබු ව්‍යාජ සිගරට් 8600ක් සොයා ගත් බවත් මෙම සැකකරුවන් දෙදෙනාම හිඟුරක්ගොඩ කඳවුර ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි. උතුරුමැද පළාත් ‍ජ්‍යෙෂ්ඨ පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා සහ ‍ පළාත් භාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස්පති සෙනරත් සදුන්ගහවත්ත මහත්වරුන්ගේ නියෝග පරිදි පොලොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. පි ධමිමික විරසේකර මහතාගේ උපදෙස් පරිදි හිගුරක්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍යතිලක මහතාගේ මෙහෙයවිමෙන් උප පොලිස් පරික්ෂක ෂෙභාන් , උප පොලිස් පරික්ෂක යහලේවත්ත පොලිස් සැරයන්

26148 රංජිත් , 56140 ලාල් , කාන්තා පොලිස් සැරයන් 4608 චන්දුලේඛා පොලිස් කොස්තාපල් 52307 මංජුල , 71687 රුමේස් , 83171 රෝහන, 91157 මධුසංක , 91229 කුලසුරිය, කාන්තා පොලිස් කොස්තාපල් 23747 සදමාලි යන අය මෙම වැටලිම සිදු කර ඇත.

සටහන සහ ජායාරුපය - මැදිරිගිරිය සමුහ ඩබ්ලිව්. ඒ පියතිලක

 

 


නව අදහස දක්වන්න