කාන්තා සුව­සෙත නංවන රහස | දිනමිණ

කාන්තා සුව­සෙත නංවන රහස

පුරුෂ පක්ෂයේ නිරෝගීභාවයට කාන්තාවන් කෙතරම් දායක වෙනවාද? අමෙරිකාවේ කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ කය සහ මනසේ සබැඳියාව ගැන දේශනයක් පැවැත්වූ දේශකයෙක් පැවසුවේ අපූරු අදහසකි. පිරිමියකුට තම සෞඛ්‍ය වෙනුවෙන් ගත හැකි හොඳ ම පියවර කාන්තාවක සමඟ විවාහ වීම බවත්, කාන්තාවන්ට තමන්ගේ සුවය වෙනුවෙන් ගතහැකි හොඳ ම පියවර තම ජීවිතයට සම්බන්ධ කාන්තාවන් ආදරණීයව ඇසුරු කිරීම බවත් හෙතෙම පැවසීය. ඔහුගේ කතාවට මුලින් සියල්ලන් සිනහවුණ ද, කරුණු පැහැදිලි කිරීමෙන් පසු සැවොම නිහඬ විය.

කාන්තාවන් එකිනෙකා සමඟ වෙනස් වෙනස් ආකාරයෙන් සම්බන්ධ වන අතර, ජීවිතයේ දුෂ්කරතා, ආතතිය දුරු කර ගැනීමට සහාය වෙයි. මෙය දේශකයා හැඳින්නුවේ “මිතුරියන්ගේ වේලාව” ලෙසයි. මේ වේලාවේදී විශාදය දුරු කිරීමට ආධාර වන සෙරොටොනින් ස්නායු සම්බන්ධීකාරක වැඩිපුර නිපදවෙයි. එය කාන්තා සුවසෙත ඉහළ නංවයි.

ජිම්යාම, ඇවිදීම වාගේම මිතුරන් සමඟ ගත කරන කාලය, පවුලේ අය සමඟ ගත කරන කාලය අපේ සෞඛ්‍යයට උදාකරන්නේ යහපතකි.

ව්‍යායාම කිරීමේදී අපේ සෞඛ්‍යය නැංවෙන නමුත්, මිතුරන් සමඟ කල් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බව සිතන ප්‍රවණතාවක් ගොඩනැ‍ඟෙමින් පවතී. එහෙත්, අපේ ළබැඳියන් සමඟ ගත කිරීමට කාල වේලාවක් වෙන්කර නොගැනීම, මානසික සෞඛ්‍යයට, දුම්පානය මෙන් ම, ඉතා අහිතකර පුරුද්දක් බව සොයාගෙන තිබේ. මේ අනුව මිත්තණිවරු, සොයුරියන්, මවුවරු, නෑනලා, නැන්දලා, මිතුරියන් මේ සියලු දෙනා සමඟම පවත්වන ශක්තිමත් සබඳතාව, අපේ නීරෝගි බව ඇද බැඳ තබන සාධකයකි. මෙය, සියලු ම වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන්ට සත්‍ය වූවකි.

වයස අවුරුදු 50 – 79 අතරදී එනම් ආර්තවහරණයට පසු වයස් සීමාවේදී කාන්තාවන්ට නිවෙසේ, සමාජයේ සහයෝගය, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමේදී ඉතා වැදගත් ය. මේ වයසේදී තනිවූ කාන්තාවන් අකාලයේ මියයාමට ඇති ඉඩ වැඩි ය.

අන්තර්ජාලය ඇසුරිනි

චම්පිකා දීපානි

නව අදහස දක්වන්න