DCS International සමාගමෙන් ESET Internet Security Version 12 | දිනමිණ

DCS International සමාගමෙන් ESET Internet Security Version 12

DCS International (Pvt) Ltd යනු සයිබර් ආරක්‍ෂණය සම්බන්ධයෙන් ගෝලීය තාක්‍ෂණ විසඳුම් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් ප‍්‍රමුඛ පෙළේ සයිබර් නිෂ්පාදන බෙදාහැරීමේ සමාගමකි. ESET Internet Security මෘදුකාංගයේ 12 වැනි සංස්කරණය නිකුත් කිරීමේ අවස්ථාව පසුගිය දා කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

DCS International කණ්ඩායම විසින් හඳුන්වා දුන් ESET ප‍්‍රබල antivirus ආරක්‍ෂණ මෘදුකාංගයේ නවතම සංස්කරණයේ විශේෂාංග ඔවුන්ගේ දිවයින පුරා ව්‍යාප්ත බෙදාහැරීමේ ජාලයේ නියෝජිතයන් වෙත හඳුන්වා දීම සහ ඔවුන්ගේ දායකත්වය ඇගයීමට ලක් කිරීමට ද මේ උත්සවයේදී සිදු විය.

පුළුල් බෙදාහැරීමේ ජාලයේ සහයෝගය ද ඇතිව වෙළෙඳ පොළේ ඉහළ අලෙවියක් ඇති මෘදුකාංගයක් බවට ESET මෘදුකාංගය පත් කරන්නට DCS International සමාගමට හැකි වී තිබේ. මේ හරහා antivirus ආරක්‍ෂක මෘදුකාංගයක් ලෙස ඉහළ පිළිගැනීමක් දිනා ඇති ESET, තොරතුරු තාක්‍ෂණ ආරක්‍ෂණ මෘදුකාංගයක් ලෙස ද ව්‍යාපාරිකයන් සහ ලොව පුරා සිටින පරිගණක පරිශීලකයන් අතරත් බෙහෙවින් ජනප‍්‍රිය වූවකි.

නවතම ESET Internet Security 2019 සංස්කරණය මඟින් පරිශීලක සහ ආරක්‍ෂක විශේෂාංග වැඩි දියුණු කොට ඇති අතර, මෙමඟින් වෛරස් ක්‍ෂණිකව විශ්ලේෂණය කිරීමේ හා හඳුනාගැනීමේ අසමසම නිරවද්‍යතාවකින් ද සමන්විත වේ.


නව අදහස දක්වන්න