වලපනේ දී බස්රථයක් ප්‍රපාතයකට පෙරලෙයි - දෙදෙනෙක් මරුට | දිනමිණ

වලපනේ දී බස්රථයක් ප්‍රපාතයකට පෙරලෙයි - දෙදෙනෙක් මරුට

රාගල, වලපනේ,මහඌව ප්‍රදේශයේ ඊයේ(24) රාත්‍රී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත.‍
 
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 62නකු ගමන් ගෙන තිබේ.
 
විනෝද චාරිකාවක් සඳහා නුවරඑළිය බලා යමින් සිටිය දී බස් රථය මීටර 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇත. තුවාලකරුවන් වලපනේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුලත් කර තිබේ.
 
බස් රථයේ අධික වේගය අනතුරට හේතුව වන්නට ඇති බව පොලීසිය සැක කරයි.

නව අදහස දක්වන්න