හම්බන්තොට වරායට ආයෝජන මණ්ඩල විශේෂ කේන්ද්‍රයක් | දිනමිණ

හම්බන්තොට වරායට ආයෝජන මණ්ඩල විශේෂ කේන්ද්‍රයක්

වරාය හා ඒ ආශ්‍රිත සේවා ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලබා දෙන විවිධ සේවා ඉටු කරගත හැකි සහ ඔවුන් වෙත ලබා දෙන අනෙකුත් සහන හා දිරිදීම්වලට අදාළ තොරතුරු ලබාගත හැකි තනි වි‍ශේෂ සේවා කේන්ද්‍රයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ පෙරේදා ( 23 වනදා) විවෘත කරනු ලැබිය.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන හවුල්කාර සමාගම වන සී.එම්.පෝර්ට් සමාගම එහි අනෙක් ප්‍රධාන හවුල්කරු වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව මෙම සේවා ස්ථානය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

මෙවැනි සේවා කේන්ද්‍ර මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරට තුළ ව්‍යාපාරික කටයුතු කිරීමට ඇති පහසුකම් පුළුල් කිරීමේ ලෝක බැංකු ඉලක්කයන් සපුරා ගැනීමට සහාය දක්වනු ලැබේ. මේ සදහා ජාත්‍යන්තර වෙළද හා විද්‍යා තාක්ෂණ ඇමැති මලික් සමරවික්‍රම, චීන සමුහ ආණ්ඩුවේ තනාපති Yang Zuo Yuan මහතා නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ඇතුළු දෙස් විදෙස් ව්‍යාපරිකයින් ද මේ සඳහා සහබාගි වී සිටියහ.

අම්බලන්තොට සමුහ


නව අදහස දක්වන්න