පාකිස්ථාන ජාතික උත්සවය මෙරටදී සැමරේ | දිනමිණ

පාකිස්ථාන ජාතික උත්සවය මෙරටදී සැමරේ

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ 79 වැනි ජාතික උත්සවය පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාව තුළ ජීවත්වන එහි ප්‍රජාව විසින් චාරිත්‍රානුකුල පසුගිය (23)දා සමරන ලදි.

උත්සවය අතරතුරදී පාකිස්ථාන ජාතික ගීය ගායනා කිරීමේදී මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මට් මැතිතුමන් විසින් ජාතික ධජය ඔසවන ලදි.

1940 දී උප මහාද්වීපයේ මුස්ලිම්වරුන් සඳහා වෙනම මාතෘ භූමියක් නිර්මාණය කිරීමට තුඩුදුන් ලාහෝර් ඓතිහාසික යෝජනාව 1947 අගෝස්තු 14 වන දින පකිස්ථානය නිර්මාණය කළේය. එම යෝජනාව සිහිපත් කිරීම සදහා පාකිස්ථානයේ ජාතික දිනය සෑම වසරකම මාර්තු 23 වන දින සැමරීම සිදු කෙරේ .

උත්සවය අතරතුරදී පකිස්ථාන ජනාධිපති හා එහි අග්‍රාමාත්‍ය මහාත්වරුන්ගේ විශේෂ පණිවුඩ මෙහිදී කියවන ලදී. උත්සවය අවසානයේදී, පාකිස්ථාන ජාතික දිනය සැමරීම සඳහා සුදානම් කරන ලද කේක් දරුවන් සමඟ එක්ව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් කපන ලදි. ශ්‍රී ලංකාවේ ජීවත්වන පාකිස්ථාන ප්‍රජාවන්, විවිධ ක්ෂේතයේ නියෝජිතයන් හා මාධ්‍ය නියෝජිතයන් මෙම උත්සවයට සහභාගී විය.


නව අදහස දක්වන්න