විල්පත්තු රක්ෂිතය ගැන පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙනවා | දිනමිණ

විල්පත්තු රක්ෂිතය ගැන පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙනවා

විල්පත්තුව රක්ෂිතය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන බව සභානායක , රාජ්‍ය ව්‍යවසාය, මහනුවර සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. මෙම සිදුවිම සිදුව ඇත්‍ තේ 2012 වසරේදී බවත් එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත අක්කර 2300 ක භුමියක් රිෂාඩ් බදියුදින් මහතා වෙත ලබාදී ඇති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

එහෙත් මාධ්‍ය මඟින් මේ පිළිබඳ වාර්තා කර නොමැති බවද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා:-

අනුර කුමාර දිසානායක මහතා‍ විල්පත්තුව සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයක‍ට ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පිළිතුරක් ලබාදුන්නා. ඒ සඳහා මාධ්‍ය තුළ වෙනම ඉඩක් ලබාදුන්නා. මේ ගැන වෙනම මතවාදයක් තමයි සමාජ ගතවන්නේ.

විල්පත්තු වන සංහාරය හා 2012දී ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් ලොකු ගැටළුවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් ලබාදෙන්න. මේ වන සංහාරය සිදුව තිබෙන්නේ කොයි කාලයේද. නැවතත් එය සිදුවෙනවාද. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා නැහැ කියලා කියනවා. මේක ආණ්ඩුවටත් ලොකු ප්‍රශ්නයක්.මේ පිළිබඳ පරික්ෂණ කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හරි පත් කරන්න.

මේ ගැන නිවැරදි තොරතුරු ලබාදිම පාර්ලිමේන්තුවේ වගකීමක්.

සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

මම අද උදේ පත්තර බැලුවා. මෙය සිදුවුනේ මොන අවුරුද්දේදි ද කියලා මාධ්‍යවල සඳහන් වන්නේ නැහැ. 2012 දී හිටපු ජනාධිපතිතුමාගේ නියමය පරිදි බැසිල් රාජපක්ෂ මහතා තමයි ඔය අක්කර 2300 රිෂාඩ් බදියුදීන් මහතාට ලබාදී තිබෙන්නනේ.ඒ ගැන කිසිම සඳහනක් නැහැ.

කතානායක කරූ ජයසූරිය මහතා:-

එතකොට අර ඉල්ලීම?

සභානායකවරයා:-

අපට පුළුවන් ඕනනම් විවාදයක් දෙන්න

චමින්ද විජේසිරි මහතා:-

මේ ප්‍රශ්නය තුළ උද්ගත වන්නේ වෙනත් කාරණයක්.මේක රටේ අනාගතයට බලපානවා. යම්කිසි කණ්ඩායමක් මේක බරපතල විදිහට වත්මන් සමාජය තුල නිර්මාණය කරන්නට හදනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මේ පිළිබඳ ස්ථානීය පරික්ෂණයක් කරන්න.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

ෆේස්බුක් වලින් පෙන්වන්න හදන්නේ මේක මේ ආණ්ඩුව කාලේ දුන්න එකක් විදිහටයි. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඊයේ හැන්දෑවේ කතාකරලා ඉතා පැහැදිලිව කිව්වා මේක 2012 දුන්න එකක් කියලා. බැසිල් රාජපක්ෂ මහතා තමයි මෙයට මුල්වුණේ කියලත් කිව්වා.

කතානායකවරය:-

දැන් ඔබතුමා කැමති වෙනවද ඊළඟ සැසිවාරයේදී විවාදයකට ඉඩ දෙනවාද

සභානායකවරයා:-

පුළුවන් පුළුවන්.

කතානායකවරයා:-

ඊට අමතරව විගණකාධිපති වාර්තාව ආංශික අධීක්ෂණ කාරක සභාව හරහා එනවා

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, මහින්ද අලුත්ගෙදර

 


නව අදහස දක්වන්න