මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්ථය අග්‍රාමාත්‍ය රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ | දිනමිණ

මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්ථය අග්‍රාමාත්‍ය රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ

ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතවීමෙන් හා නොයෙකුත් අභියෝග වලට සාර්ථකව මුහුණදීමෙන් ගොඩනගාගත් කීර්ති නාමයක් ඇතුව සිටින රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහයන් කාලීන අවශ්‍යතාවය හැටියට ප්‍රජාතන්ත්‍රවාදී සියලුම නිදහස සමඟ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමේ දැවැන්ත අරගලයට උරදෙමින් අද මුළු මහත් ජාතියේම අවධානයට ලක්වී සිටී.

පදවි වලින් බැබළෙන කෙනෙකුට වඩා පදවි බබළවන්නට තරම් උගත්කමක් බුද්ධියක් හා දක්ෂතාවයක් ඇති අභිමානවත් දේශපාලනඥයකු වන රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහයන්ට ඇතැම් විරුද්ධවාදී දේශපාලනඥයින් පදනම් විරහිත අපහාස උපහාස කළත් අද සිටින දේශපාලනඥයින්ට වඩා උසස් මට්ටමකින් ජනතාවගේ ගෞරවාදරයට පත්වී සිටින්නෙකි.

අභිමානවත් දේශපාලනඥයෙක් වූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා සුවිශේෂී චරිතයක් විය. ප්‍රශ්න දෙස යථාර්ථවාදීව බලා ප්‍රායෝගිකව විසඳුම් සෙවිය හැකි බුද්ධියක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා වැනි උගතුන් සිටීම ර‍ෙට් වාසනාවකි. එබැවින් ඔහු ගැන කථා කිරීමට කාලයයි. ගත වූ වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ නිවැරදි මාර්ගයට රට ගමන් කරවමින් රට ගොඩනැගීමට ප්‍රසංසනීය මෙහෙවරක යෙදී සිටින රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා මාර්තු 24 වන දින 70 වන උපන්දිනය සැමරීය. අගමැතිතුමනි ඔබට සුබ උපන්දිනයක් වේවා යැයි පතමු.

අවංක හා පරිණත නායකත්වයෙක් රටට අවශ්‍ය ව තිබූ මොහොතක නායකත්වයේ බර උසුලමින් අභියෝග හමුවේ තමාගේ පරිණත නායකත්වය රට හමුවේ පමණක් නොව ලෝකය හමුවේද ප්‍රායෝගිකව ඔප්පුකොට ඇති අගමැති රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහයන් මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තිය වෙයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය කළ අතර දහම් පාසල් අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටිය වජිරාරාම දහම් පාසලේය. එවකට සුප්‍රකට කලාකරුවෙක් වූ නර්තනය ආචාර්ය ශ්‍රී ජයනාත් ගුරු පියාණන්ගෙන් තර්ථනය හැදෑරූ අතර සංගීත ආචාර්ය විශාරද පණ්ඩිත් අමරදේවයන් වෙතින් සංගීතය ඉගෙනීම ලැබීය. ඉන් අනතුරුව බැසිල් මිහිරිපැන්න සහ අයිලින් සරත් චන්ද්‍ර වැනි ප්‍රවීණයන්ගෙන් කලාව හා සංස්කෘතිය හදාරන ලදී. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති ශිෂ්‍යයකු ලෙස උසස් සමාර්ථයක් ලබමින් නීතිඥයකු බවට පත්විය.

ශ්‍රීලංකා විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ දැනට සිටින ලංකාවේ එකම අගමැතිවරයා රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහයන් බව වාර්තාවේ. එවකට පුවත්පත් කලාවේ ප්‍රවීණයෙක් මෙන්ම ප්‍රබලයෙක් වූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහයන්ගේ පියාණන් වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ප්‍රබලතම දේශපාලනඥයින් රැසක් සමඟ සමීප ඇසුරක් පැවැත්විය. ඔවුන් නිතර නිතර වික්‍රමසිංහ මහතාගේ නිවසට ආව ගියහ. විවිධ සාකච්ඡා පැවැත්වූහ. එම දේශපාලනඥයන් අතර ජේ. ආර්. ජයවර්ධන, සෙල්වනායගම්, ඩඩ්ලි සේනානායක වැනි නායකයින්ද දෙස් විදෙස් මාධ්‍යවේදීන්ද විය. එවකට කුඩා දරුවෙක් වූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ දරුවාට දේශපාලනයද හුරු පුරුදු විය.

එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආරාධනයෙන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ තරුණ නීතිඥවරයා දේශපාලනයට පැමිණීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති බල මණ්ඩලය හෙවත් ජාතික සේවා සංගම වඩාත් ශක්තිමත් කරමින් සංවිධානාත්මක ලෙස සෑම විටම ඉතා මනාලෙස සංවිධාන පිහිටුවන ලදී. ඉන් අනතුරුව තරුණ හා කාන්තා සංවිධාන පිහිටුවා රට පුරා දැවැන්ත සංවිධාන ශක්තියක් ලබා දුන්හ. එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති පදවියට පක්ෂනායක ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් පත්කළ කෙළේය.

1977 මහමැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාසය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් වැඩි ඡන්දයෙන් පත් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට තේරීපත්වීමෙන් අනතුරුව බියගම මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත්වූ මෙතුමාට එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන නායකතුමාගේ රජයේ ළාබාලතම කැබිනට් අමාත්‍යවරයා වූ අතර එතුමාත් තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් තරුණ සේවා සභාව වැනි ආයතන ඇති කරමින් රටේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා තරුණ තරුණියන්ගේ සහය රජයට ලබා ගැනීමේ දැවැන්ත කාර්යය භාර්යයක් ඉටුකළේය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ බුද්ධිමත් දේශපාලනඥයකු වූ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආභාෂය හා දර්ශනය කුඩා කල සිටම අවධානයට ගනිමින් මෙතුමන් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේදී දුගී දුප්පත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් අවධානය යොමු කිරීම, සමාජ පරතරය තුනී කිරීම සඳහා අවශ්‍ය කරුණක් ලෙස ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී එතුමාගේ දර්ශනය තුළින් සෑම ග්‍රාම කොට්ඨාසයකටම රුපියල් දසලක්ෂයක් බැගින් ලබා දෙමින් සංවර්ධනය නොවූ ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීම ප්‍රසංසනීයයි. 2019 නව අය වැය තුළින් ශ්‍රීලංකාව තුළ ජීවත් වන දුප්පත් මව්පියන්ගේ දූ දරුවන් හට උසස් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මෙරට හෝ විදේශ රටවල උසස් අධ්‍යාපන සඳහා පොලී නොමැතිව ණය මුදලක් ලබා දීමට සැලසුම් කිරීම එතුමාගෙන් සිදුවන තවත් සමාජ මෙහෙවරක් වේ. අගමැති රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා ජාතිවාදියෙක් ආගම්වාදියෙක්නොවේ. සියලුම ආගම්වලට එකහා සමානව ගෞරවයෙන් සලකන බුද්ධාගමට මෙන්ම අනිකුත් ආගම්වල උන්නතිය සඳහා සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙන්ම රාජ්‍ය අනුග්‍රහය දැක්වීම මෙතුමාගේ දිවියේ මහත් උදාර ගුණයක්වේ.

උතුරු නැගෙනහිර අර්බුදකාරී තත්ත්වයට විධිමත් විසඳුමක් ලබා දීම මෙතුමාගේ ඒකායන බලාපොරොත්තුවයි. ජාතික සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා විශේෂ අවධානය යොමු කිරීම හුදෙක් වාසි බලාගෙන නොවේ. රටට කළ යුතු දේ කළ යුතු නිසාවෙන්ය. උතුරු නැගෙනහිර කඳුරට වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ කටයුතු සොයාබලමින් කටයුතු කරනුයේ ශ්‍රී ලංකාව තමාගේ රටය යන හැඟීම ලබා දීමට කටයුතු කිරීමට අවධාන යොමු කිරීම ජාතික සංහිඳියාව ඇතිකිරීමේ ක්‍රියාවලිය තුළ සිදු කරන වැදගත් කාර්යය භාරයකි. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තාවන් ගේ ශ්‍රමය ලබා ගැනීම වශයෙන් වටිනාම සංකල්පයක් මගින් 25% කාන්තා නියෝජනයක් ලබා දුන් දේශපාලනඥයන් අතර ඉතිහාසගත වැදගත්ම ක්‍රියාවක් සිදුකළ එකම දේශපාලනඥයා හැටියට පෙන්වා දිය හැකිය.

රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතාගේ නව දැක්ම හරහා ජාත්‍යන්තරයෙන් එල්ලවූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය මිත්‍ර සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළට ඔසවා තබමින් විශේෂ ප්‍රතිපත්තියකට මුල් තැන ලබා දීමට එතුමා කටයුතු කළ අයුරු අපට අස්වැසිල්ලකි. රටේ ජනතාවගේ පුරවැසි අනන්‍යතාවය ශක්තිමත් කිරීම සඳහා මාධ්‍ය නිදහස තහවුරු කිරීම සම්මුතික ආණ්ඩුව තුළින් දියත් කළ ප්‍රධාන කාර්යන් අතර වේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කිරීම හා කොමිෂන් සභා ඇති කිරීම මඟින් යහපාලනය ගොඩනැගීම කෙරේ විශේෂයෙන් කටයුතු කිරීම එතුමාගේ නව දර්ශනයේ තවත් එක කාර්යභාරයකි.

බෞද්ධ දර්ශනයේ සැබෑ හරයන් ජනතාව අතරට ගෙන යෑමත් මත්ද්‍රව්‍ය සහ දුසිරිතයෙන් තොර ගෞරවනීය සමාජයක් නිර්මාණය කිරීමටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකා ජනතාව කෙරෙහි අසීමිත ලෙන්ගතු භාවයෙන් සිය මාතෘභූමිය කෙරෙහි කිසිවෙකුටත් නොදෙවෙනි දෑත පිරිසිදු නොකැලැල් දේශපාලන නායකයෙක් මෙන්ම අභිමානවත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. නිරන්තරයෙන්ම සියලුම ජාතීන් සමඟ එකට එක්ව සමගියෙන් සාමයෙන් සංහිඳියාවෙන් ජීවත්වන ශ්‍රී ලාංකික ජනතාවක් වශයෙන් රට සංවර්ධනය කිරීම මෙතුමාගේ දර්ශනය විය. වර්තමානයේ එතුමාගේ දේශපාලන කාලය තුළ ක්‍රියාකාරකම් තුළින් පිළිබිඹු වන්නේ ජාති හිතෛෂීභාවය ප්‍රායෝගිකත්වය පමණක් නොව මුහුකුරා ගිය දැනුම අප පිළිගත යුතුයි.

ලෝකය පුරා ඇතිවී පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය නිසා ජීවන වියදම වැනි අමාරුකම් ඇතිබව සත්‍යයකි. ඒවා සැහැල්ලු කිරීමට මෙතුමන් හැම උත්සාහයක්ම දරා ඇති බව මෙතුමාගේ රජයේ 2019 වර්ෂයේ අයවැය වාර්ථාවෙන් පෙනේ. පසුගිය මහින්ද රාජපක්ෂ රජය ලබාගත් දැවැන්ත ණය කන්දරාව ගෙවීමෙන් රට ඉදිරියට ගෙනයාම අගමැති රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතාගේ පරිනත බුද්ධිය මනාව පැහැදිලි වේ. රටක් තුළ පවතින ආර්ථික පීඩා, ජාතිවාදී පීඩා, ආගම් පීඩා සමාජ සහ සංස්කෘතික පීඩා බහුල සමාජයේ පැවතිය හැකි සියලුම පීඩාවන් සරලව කිවතොත් මහින්ද රාජපක්ෂ සහෝදරයින් විසින් සමාජ ගත කර ඇති දුර් විපාක දුරු කරමින් නිහඬව දැවැන්ත කාර්යය භාර්යක් කරගෙන යන අයුරු විටෙක පුදුම සහගත යැයි අපට පෙනෙනු ඇත. පසුගිය අවුරුදු 4ක කාලය තුළ ඒ ඒ ඡන්ද කොට්ඨාසවල අවසාන කළ, නැති නම් අවසාන වෙමින් තිබෙන ලොකු කුඩා සංවර්ධන කටයුතු අප්‍රමාණයි.

අපේ ග්‍රාමීය ජනතාවට කිසිම රජයක් නොකළ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙ‍ෙළ් ප්‍රතිඵල දක්නට පෙනෙන්නට තිබෙන බව ගම් පෙදෙස්වලට එබී බැලුවහොත් හොඳින් පෙනීයයි. රටේ මොන ප්‍රදේශයකට ගියත් කෘෂිකර්මාන්ත අතින් වේවා, වාරි මාර්ග අතින් වේවා, ජල සම්පාදන කර්මාන්ත ශාලා නාගරික හා ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රම දිහා කවර අතකින් බැලුවත් මෙතුමාගේ මග පෙන්වීමෙන් සිදුවන වැඩපිළිවෙළ ප්‍රතිඵල දකින්නට හැම තැනකම ඇත.

අන්තවාදීන් ජාතිවාදීන්ගේ නොයෙක් අවලාද අපභාස උපහාස හමුවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව ව්‍යවස්ථාව ගෙන ඒමට රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා මහත් වූ වැදගත් ක්‍රියාවකි.

රාජ්‍ය විරෝධී වැඩපිළිවෙළ කිසිදු තැකීමකින් තොරව රට බේරා ගැනීමේ භාරධුරය වගකීමේ නායකත්වය අගමැති රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතාගේ ඉතිහාස ගත දේශපාලනයේ ශක්තිය රටට එක් කරනු ඇත.

මෙතුමාගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා පතමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

ආචාර්ය සිරිම සිරි හපුආරච්චි
එක්සත් ජනතා පෙරමුණ
දේශපාලන පක්ෂ නායක

 


නව අදහස දක්වන්න