මුතුරාජවෙල කසිප්පු තිප්පොළක් වලාන දූෂණ මර්ධනය වටලයි | දිනමිණ

මුතුරාජවෙල කසිප්පු තිප්පොළක් වලාන දූෂණ මර්ධනය වටලයි

මුතුරාජවෙල රක්ෂිතය වනසමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ මහා පරිමාණ ජාවාරම් කරුවකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සිදුකළ වැටලීමකින් අත් අඩංගුවට ගෙන ඇත. කදාන පොලිස් බල ප්‍රදේශයට අයත් මුතුරාජවෙල ඉදිපිටිය ප්‍රදේශයේ වගුරු බිමක කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය මත්පැන් ජාවාරමක් පසුගියදා (22දා) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් එම ස්ථානයේ තිබී ගෝඩා මිලිලීටර් අනූ අට ලක්ෂ විසිඅට දහසක් පිරවූ බැරල් 52ක් සමග ජාවාරමේ මහ මොළකරු අත් අඩංගුවට ගෙන ඇත.

වත්තල බෝපිටියේ පදිංචිකරුවෙකු වන සැකකරු ඔහුගේ හිතවත් ගෝලයින් කීපදෙනෙකුගේ සහායද රැගෙන මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදු කරගෙන යමින් සිටියදී මෙලෙස පොලීස් අත් අඩංගුවට පත්වී ඇත.

සැකකරු සහ මත්පැන් තොගය වැටලීම සිදු කල අදාල පොලිස් බල ප්‍රදේශය වෙත භාරදීම සිදුකල යුතු නමුත් පවතින වාතාවරණය මත සැකකරු සුරා බදු දෙපාර්තමේන්තුවේ ජා ඇල ශාඛා කාර්‍යලය වෙත භාරදුන් බවත් ඉදිරි නීතිමය පියවර සුරාබදු නිලධාරීන් විසින් ගැනීමට නියමිතව ඇති බවත් වැටලීමට එක්වූ නිලධාරීන් පැවසූහ.

ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව මේ වසර අවසාන වීමට පෙර සිය පොලිස් බල ප්‍රදේශයෙන් නීති විරෝධි මත්පැන් සහමුලින් නැතිකර දැමිය යුතුව ඇති නමුත් වත්තල අධිකරණය වෙත නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරත සැකකරුවෙකු ඉදිරිපත් කළ විට එයට පොලීසියට බලයක් නැතැයි නීතීඥවරු අධිකරණයට කරුණු ප්‍රකාශ කිරීමේ හේතුව මත පොලිස් නිලධාරීන් වැටලීම් වලින් ඉවත්ව සිටින බව නම හෙළි කිරීමට අකමැති ගැටලුවට මුහුණ පා සිටින නිලධාරීහු පැවසූහ.

පොලීසියට නීති විරෝධී මත්පැන් වැටලීමට බලයක් නැතැයි මත්පැන් පෙරීමේ ජාවාරමේ නිරත පිරිස් ඉදිරියේ පැවසීමේ වරද නිසා මේ වන විට වත්තල ජා ඇල මීගමුව ආදී පොලිස් බල ප්‍රදේශ තුල නීති විරෝධී මත් පැන් පෙරීමට නිදහස් අවකාශයක් නිර්මාණය වී ඇතැයිද ඔවුන් පෙන්වා දුන්හ.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත වලාන දූෂණ මර්ධන අංශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රසන්න ස්ථානාධිපති රංජිත් රාජපක්ෂ යන නිලධාරීවරුන්ගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ජයරත්න රත්නායක, පොලිස් සැරයන් 15059 ප්‍රේමසිරි පොලිස් කොස්තස්පල්වරුන් වන 38664 රංගන, 76829 රත්නායක, 30848 තේනුවර, 34314 රාජගුරු, 38563 කපිල, 52297 රණවීර, 77930 ගයාන්, 1445 බටුවත්ත, පොලිස් කොස්තාපල් රියදුරු 16227 උදාර යන නිලධාරීහූ මෙම වැටලීම සිදුකරනු ලැබූහ.

රාගම සමූහ
ඡායාරූපය- රාගම සමූහ 

නව අදහස දක්වන්න