රයිගම් ටෙලීස් ප්‍රධාන සම්මාන සියල්ල ස්වාධීන රූපවාහිනියට | දිනමිණ

රයිගම් ටෙලීස් ප්‍රධාන සම්මාන සියල්ල ස්වාධීන රූපවාහිනියට

අනුර ප්‍රේමලාල්

දේශීය ටෙලිනාට්‍ය වැඩිවශයෙන් නිර්මාණය කිරීමේ පරිසරයක් ‍ගොඩ නැගිය යුතු බව මෙවර රයිගම් ටෙලීස් ජාතික ටෙලි සම්මාන උළලේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා ලෙස සම්මාන ලැබු රොෂාන් රවීන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා ‍මේ බව සඳහන් කළේ ඉකුත් (23දා) නෙළුම්පොකුණ රඟහලේ පැවැති ‘රයිගම් ටෙලීස් ජාතික ටෙලිසම්මාන උළලේදි ‘සහෝදරයා‘ ‍ටෙලිනාට්‍ය යේ රංගනය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා ලෙස සම්මානය දිනා ගනිමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදි වැඩිදුරටත් කතා කළ රොෂාන් රවීන්ද්‍ර මහතා - මෙවර සම්මාන උළලෙට ඉතා හොඳ නිර්මාණාත්මක ටෙලිනාට්‍ය කිහිපයක් ඇතුළත්වි තිබුණා. ඒ නිසා හොඳ තරගයක් පැවැත්වුණා. එය ඉතා හොඳ තත්ත්වයක් ඒ නිසා උසස් නිර්මාණාත්මක දේශීය ටෙලිනාට්‍ය බිහිකිරීම සඳහා අවස්ථාව ඇති කරමින් ටෙලිනාට්‍ය නිපදවීමේ ප්‍රවර්ධන කටයුතු සිදුවිය යුතුයි.

මෙහිදි වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මාන දිනු චන්දනි සෙනෙවිරත්න මහත්මිය - දේශීය නිර්මාණාත්මක ටෙලිනාට්‍යා කලාවක් වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් අපි සියලු දෙනාටම පැවරෙන අතර ඒවා හඳුනාගෙන කටයුතු කිරීම වැදගත්. රඟපෑම යනු පෙනිසිටීම පමණක් නොවේ. ඉන් එහාට කළ යුතු වැඩ කටයුතු රැසක් තියෙනවා. මේ වෘත්තීයේ ගරුත්වය ගැනද සැළකිලිමත් විය යුතුයි.

මහචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අදහස් දක්වමින් වසරින් වසර ඉදිරියට පැමිණ තිබෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල දැන් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යාන්තර ප්‍රමිතීන් පිළිබඳවද අවධානය යොමු කර තිබීම වැදගත් බව පැවසීය.

පහළොස් වෙනි වරටත් පවත්වමින් සිය පළිඟු ජයනත්ති සම්මාන උළෙල රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි මංගල්‍ය යේදී මෙවර වසරේ විශිෂ්ටත නළුවා රොෂාන් රවීන්ද්‍ර (සහෝදරයා), වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය චාන්දනී සෙනෙවිරත්න (සහෝදරයා), වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා රවීන් කණිෂ්ක,වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය නයනතාර වික්‍රමාරච්චි, වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නළුවා කළණ ගුණසේකර (කූඹියෝ), වසරේ විශිෂ්ටතම සහය නිළිය උදයන්ති කුලතුංග (සහෝදරයා), වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ‘කූඹියෝ‘,වසරේ ජනප්‍රියටෙලි නාට්‍ය ‘වෙස්‘ වසරේ විශිෂ්ටතම ඒකාංඟික ටෙලිනාට්‍ය මී කූඩුව, වසරේ විශිෂ්ටතම හා සම්මානනීය රූපවාහිනි නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනි සේවය සම්මා දිනා ගත්හ.

වසරේ සංගීත අධ්‍යක්ෂ හා ගායකයා ලෙස රෝහණ ධර්මකීර්ති (තාත්තා), වසරේ විශිෂ්ටතම ගායිකාව බුද්ධිනි තනුරිකා වැලිවිට (සහෝදරයා). මෙවර සම්මාන උළලේදි ප්‍රතිභාප්‍රභා ගෞරව සම්මානය ප්‍රවීණ සිනමා නිළි ශ්‍රියාණි අමරසේන, විශේෂ ප්‍රණාම සම්මාන සංස්කරණ ශිල්පි රවීන්ද්‍ර ගුරුගේ, ප්‍රවීණ රංඟන ශිල්පි හේමසිරි ලියනගේ පිදුම් ලැබූහ.

ඡායාරූප- නිශ්ශංක විජේරත්න


නව අදහස දක්වන්න