අක්මීමනට නිල සෙවණ කාර්යාල 5ක් | දිනමිණ

අක්මීමනට නිල සෙවණ කාර්යාල 5ක්

අගමැතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිල සෙවණ ඉදිකිරීමේ ව්‍යපෘතියේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල සෙවණ කාර්යාල 05ක් ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා ඇමැති වජිර අබේවර්ධන මහතා අතින් විවෘත විය.

අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුන්ගොඩ, බදුන්ගොඩ ජනපදය, නුගදූව, ගල්ලමුව, අමුකොටුව යන ග්‍රාම නිලධාරී වසම්වල මේ නිල සෙවණ කාර්යාල විවෘත විය. එසේ නිල සෙවණක් සඳහා රුපියල් ලක්ෂ 22ක පමණ මුදලක් වියදම් කර ඇති අතර, ග්‍රාම නිලධාරී කාර්යාලය, සංවර්ධන නිලධාරී කාර්යාලය, සමෘද්ධි නිලධාරී කාර්යාලය, කෘෂිකර්ම පර්යේෂණ සහකාර යන නිලධාරී කාර්යාල එම ස්ථානයේ පිහිටුවමින් ඉදි කර ඇත.

නිල සෙවණ කාර්යාල විවෘත කරමින් ඇමැති වජිර අබේවර්ධන මහතා මේ ස්ථානය පොදු ස්ථානයක් බවත් එම නිසා ජනතාවට නිතරම විවෘතව පවතින බවත් ඒ අරමුණින් මේ නිල සෙවණ ඉදිකිරීම් සිදු කළ බවත් එකී පරමාර්ථයන් ඇතිව කරන කටයුත්තකැයි ද මේ ගොඩනැඟිල්ලක් හැදීමක් පමණක් නොවන බව ද පැවැසූ අතර, මෙහි සම්පූර්ණ පරමාර්ථය ඉදිරියේ දී ඔබට දැක බලා ගන්නට හැකි යැයි ද කීය.

අක්මීමන විශේෂ

නව අදහස දක්වන්න