වයඹ අලි මිනිස් ගැටුම් වන්දිවලට ලක්ෂ 48ක් | දිනමිණ

වයඹ අලි මිනිස් ගැටුම් වන්දිවලට ලක්ෂ 48ක්

වයඹ වන ජීවී කලාපය තුළ 2018 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා වූ මාස පහ ඇතුළත අලි- මිනිස් ගැටුම හේතුකොටගෙන සිදු වූ මිනිස් ජීවිත, දේපොළ හා ශාරීරික හානි වෙනුවෙන් වන්දි වශයෙන් රුපියල් හතළිස් අට ලක්ෂයක මුදලක් ගෙවීමට කටයුතු කරගෙන යන බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව ගල්ගමුව ප්‍රා. ලේ. කොට්ඨාසයට රුපියල් ලක්ෂ පහළොවක් ද, ඇහැටුවැව කොට්ඨාසයට රුපියල් ලක්ෂ දහතුනක් ද, නිකවැරටිය කොට්ඨාසයට රුපියල් එක් ලක්ෂ අසූ හය දහසක් ද. කොටවෙහෙර කොට්ඨාසයට රුපියල් දෙලක්ෂ අනූ දහසක් ද. අඹන්පොළ කොට්ඨාසයට රුපියල් අනූ දහසක් ද වෙන් කර ඇතැයි සහන සේවා මධ්‍යස්ථානයේ ‍අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවැසීය. ජීවිත හානියක් වෙනුවෙන් ගෙවනු ලබන මුදල රුපියල් ලක්ෂ පහකි.

 

නව අදහස දක්වන්න