ගංජා ඇද්ද යතුරුපැදිය දැලේ | දිනමිණ

ගංජා ඇද්ද යතුරුපැදිය දැලේ

තණමල්විල සිට යතුරු පැදියක ගංජා ගෙනත් සුරියවැව කෝන්කැටි ආර ඇතුළු අවට පෙදෙස් වල පුද්ගලයන්ට ගංජා අලෙවි කරන පුද්ගලයකු (23) සවස සුරියවැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සුරියවැව සමාජසේවා පුර පදිංචි 50 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

සුරියවැව පොලිස් නිලධාරීන් එක්ව සුරියවැව මිගහජදුර මාර්ගයේ කෝන්කැටිආර හංදිය අසල සිදුකළ මාර්ග පරික්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිළධාරීන් අදාළ යතුරු පැදිය නවතා පරීක්ෂා කිරීමේදී සැකකරුගේ සැක සහිත හැසිරිම් රටාව හේතුවෙන් යතුරු පැදිය පරීක්ෂා කර තිබේ.එහිදී සැකකරුගේ යතුරු පැදියේ ෂීට් කවරය යට සඟවා තිබු ගංජා පාර්සලය සොයා ගැනීමට පොලිසිය සමත් වි තිබේ.සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වි ඇත්තේ සැකකරු කලක් තිස්සේ තණමල්විල ප්‍රදේශයෙන් ගංජා ගෙනවිත් සුරියවැව අවට පුද්ගලයන් වෙත අලෙවි කරන බවයි.සැකකරු සන්තකයේ තිබි ගංජා ග්‍රෑම් 850ක් පොලිස් භාරයට ගෙන තිබේ.ගංජා හා යතුරු පැදිය සමග අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ,සුරියවැව පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දර්ශන,පොලිස් කොස්තාපල් වරුන් වන (76213)කුමාර,(85436)ලක්මාල් යන නිලධාරීන් එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 සුරියවැව විශේෂ නුවන් ජයසේකර


නව අදහස දක්වන්න