මහ­ගෙ­දර ලියා නුදු­න්නාට සැමියා පිහියෙන් ඇන බිරි­යයි නැන්ද­ම්මයි මරලා | දිනමිණ

මහ­ගෙ­දර ලියා නුදු­න්නාට සැමියා පිහියෙන් ඇන බිරි­යයි නැන්ද­ම්මයි මරලා

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් සැමියා විසින් සිය බිරිය හා නැන්දම්මා පිහියෙන් ඇන මරා දමයි. තිස්සමහාරාම සඳුන්ගම ප්‍රදේශයේදී කලක් තිස්සේ පැවති පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් සිය බිරිය හා නැන්දම්මා තියුණු ආයුධයකින් කපා කොටා 23 දින පෙරවරුවේ ඝාතනය කර ඇතැයි තිස්සමහාරාම පොලිසිය කියයි.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිස්සමහාරාම සඳුන්ගම ග්‍රාම සේවා නිලධාරිණිය වන වීරවිල පදිංචි 27 හැවිරිදි දෙදරු මවක වන හැන්නදිගේ නදීෂා ලක්මාලි හා ඇගේ මව වන 54 හැවිරිදි ජී.එස්.කුමුදුනී නැමති කාන්තාවන් දෙදෙනායි.

කලක් තිස්සේ පැවති පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුව වී ඇත් බවයි මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.සැකකරු බිරියහා නැන්දම්මා ඝාතනයෙන් පසු තිස්සමහාරාම පොලීසියට බාර වි තිබේ.සැකකරු 29 හැවිරිදි හැවිරිදි අයෙකි.සැකකරු කලක් තිස්සේ සිය බිරිය හා ඇයගේ පවුලේ අය සමග මහ ගෙදර ලියා දෙන ලෙස ඉල්ලමින් පවුල් ආරවුල් ඇති කරගෙන ඇති බවයි ඥාතීන් පැවසුවේ.සැකකරු කලක් යුධ හමුදාවේ සේවය කර පලා ආ අයෙකි.

පසුගිය දෙසැම්බර් මස 26 වන දිනද පවුල් ආරවුල හේතුවෙන් මෙම සැකකරු විසින් බිරියගේ පපු ප්‍රදේශයට පිහියකින් ඇන තිබේ.එහිදීද තුවාල ලැබු බිරිය දෙබරවැව මුලික රෝහලේ ප්‍රථිකාර ලබාගෙන තිබේ.එහිදී වීරවිල පොලිසියට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළද ඒ සඳහා සාධාරණ පරීක්ෂණයක් ඉටු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු වු බවයි ඥාතින් හා ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.එම සිදුවීමෙන් පසු සැකකාර සැමියා නිවෙසටසට පැමිණ නැති අතර වීරවිල පිහිටි නිවසේ බිරියහා බිරියගේ මව ඇතුළු කිහිප දෙනෙකු පමණක් ජිවත්ව සිට තිබේ.සිය දියණියට සැමියාගෙන් තර්ජන ඇති නිසා ග්‍රාම සේවා නිලධාරිණියගේ මවද ඇය සමග රාජකාරි සඳහා යන එන විට ගමන් කර තිබේ.පසුගිය 23 වන දිනද ග්‍රාම සේවා නිලධාරිණිය සිය රාජකාරි කටයුතු සදහා තිස්සමහාරාම සඳුන්ගම ග්‍රාම නිලධාරී කාර්යාලයට පැමිණ සිය රාජකාරි සිදු කරමින් සිටින අතරවාරයේ සිය සැමියා පැමිණ බිරියට හා ඇගේ මවට තියුණු ආයුධයකින් පහර දි තිබේ.ගෙල ප්‍රදේශයට හා පපු ප්‍රදේශයට එල්ල කරන ලද පිහි පහරවල් හේතුවෙන් දෙදෙනාම එම ස්ථානයේදිම මියගොස් තිබේ.ඝාතනයෙන් පසු සකකරු මට තව දෙදෙනෙකු මරන්න ඉතිරිව ඇතැයි පවසමින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ප්‍රදේශවාසින් එක්ව 1990 හදිසි ගිලන් රථ සේවය දැනුම් දීමෙන් පසු පැමිණ තුවාල කාරියන් දෙදෙනා දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ.රෝහලට රැගෙන එන විටත් තුවාල කාරියන් දෙදෙනා මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වු මහෙස්ත්‍රාත් පරික්ෂණය 23 සවස තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී ආනන්ද මහතා විසින් පැවැත් වු අතර සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා හම්බන්තොට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වෙත යොමු කිරිමට නියෝග කෙරුණි.

 

සුරියවැව විශේෂ

නුවන් ජයසේකර


නව අදහස දක්වන්න