මහියංගන ෂෙඩ්ලයින් ක්‍රිකට් ශූරතාව දිනයි | දිනමිණ

මහියංගන ෂෙඩ්ලයින් ක්‍රිකට් ශූරතාව දිනයි

මහියංගන කන්දකැටිය, රිදීමාලියද්ද, හසලක ගිරාඳුරුකෝට්ටේ යන කොට්ඨාසයන්හි රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සුහදතාව වර්ධනය කර ගැනීම අරමුණු කර ගනිමින් මහියංගන හෙරිටේජ් සමාජය මගින් සංවිධාන කළ සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහියංගන ෂේඩ්ලයින් ඇඟලුම් කර්මාන්ත ශාලා කණ්ඩායම සමත් විය.

මහියංගන මහජණ ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ අනුශූරතාව මහියංගන ගුවන් හමුදා කණ්ඩායමට හිමි විය. මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගි විය. මහියංගන ෂේඩ් ලයින් ආයතනය තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදී තිබිණි.

මීගහකිවුල සමූහ එන් නවරත්න


නව අදහස දක්වන්න