මයි ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය ඇරැඹේ | දිනමිණ

මයි ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය ඇරැඹේ

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට නවමු අත්දැකීමක් එක් කරමින් මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර් - ඩෑඩ් ක්‍රිකට් තරගාවලිය පසුගියදා කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ විය. අනුහයේ ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් සමාරම්භක උළෙල පැවැති අතර තරගාවලියේ කුසලාන එළිදැක්වීම 96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග සහ උප නායක අරවින්ද ද සිල්වා අතින් සිදු කෙරිණි.

ඩෑඩ් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් එක්වන්නේ පාසල් පදනම් කරගනිමිනි. ඒ අනුව පාසල් 17ක් සහ පාසල් නියෝජනය නොකරන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායමක් මේ තරගාවලිය එක්ව සිටිති.

තරගාවලියේ මූලික වටය ලීග් ක්‍රමයට පැවැත්වෙයි. මෙතෙක් පැවැති තරග අතරින් කැපී පෙනෙන තරගය වූයේ ගල්කිස්ස සාන්ත තෝමස් සහ කොළඹ ආනන්ද අතර තරගයයි. එහි පළමුව පන්දුවට පහරදුන් ආනන්ද කණ්ඩායම ලකුණු 119ක් රැස් කළේය. අර්ජුන රණතුංග නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 35කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත තෝමස් පිල ඕවර 14.5කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 5ක් දැවී තිබියදීය. තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ කෝල්ට්ස් සහ බී.ආර්.සී ක්‍රීඩාංගණවල සසති අන්තයේ පැවැත්වෙන අතර අවසන් තරගය ලබන මස 7 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වේ.


නව අදහස දක්වන්න