රාජ­කීය-සා.ජෝශප්-ඉසි­ප­ත­නය අප­රා­ජි­තව ඉදිරියට | දිනමිණ

රාජ­කීය-සා.ජෝශප්-ඉසි­ප­ත­නය අප­රා­ජි­තව ඉදිරියට

ෆවුස් මොහොමඩ්
සා.ජෝශප් සහ ත්‍රිත්ව විදු­හල අතර තර­ග­යෙන්. ඡායා­රූ­පය- සමන් ශ්‍රී වෙදගේ  ඉසි­ප­තන සහ සහිරා තර­ගයේ අව­ස්ථා­වක්. ඡායා­රූ­පය - සමන් මෙන්ඩිස්

අන්තර් පාසල් පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ තරගවලදී විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගනිමින් සිය අපරාජිතභාවය තවදුරටත් රැකගත් මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල සහ ඉසිපතන විදුහල් පිල පළමු කාණ්ඩයේ ‘බී‘ කොටසේ පළමු හා දෙවැනි ස්ථාන රැක ගනිද්දී අපරාජිතව ‘ඒ‘කොටසේ පෙරමුණ රැක ගැනීමට කොළඹ රාජකීය විදුහල් පිල සමත්වෙයි.

සිවුවැනි සතියේ තරග වටයේදී මහනුවර ත්‍රිත්ව විදුහල් පිල සමග හැව්ලොක්ස් පිටියේදී තරග බිමට පිවිසි සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 37-19ක ජයක් අත්කර ගැනීමට සමත්වූ අතර කිංග්ස්වුඩ් විදුහල් පිල සමග නිත්තවෙලදී තරග බිමට එක්වූ රාජකීය විදුහල් පිල ලකුණු 20-12ක ජයක් වාර්තා කරමින් සිය අපරාජිතභාවය රැක ගත්තේය. මේ අතර පෙරේදා පස්වරුවේ සහිරා විදුහල් පිල සමග හැව්ලොක්ස් පිටියේදී තරග වැදුණු ඉසිපතන විදුහල් පිල ලකුණු 17-3ක ජයක් වාර්තා කරමින් සිය අපරාජිතභාවය රැක ගැනීමට සමත්විය.

සිවුවැනි සතියේ පළමු තරගයට මහනුවර සාන්ත අන්තෝනි විදුහල් පිල සමග නිත්තවෙලදී තරග කළ විද්‍යා විද්‍යාලයිය පිල ලකුණු 22-10ක ජයක් හිමිකරගැනීමට සමත්විය.

සාන්ත පීතර විදුහල් පිල සහ වෙස්ලි විදුහල් පිල අතර තරගය සී.ආර්.පිටියේදිත්, සාන්ත තෝමස් විදුහල් පිල සහ මලියදේව විදුහල් පිල අතර තරගය සාන්ත තෝමස් විදුහල් පිටියේදිත් ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.

 


නව අදහස දක්වන්න