මත් ද්‍රව්‍යවලට එරෙහිව රට පුරා 31දා හඬනැගීම් | දිනමිණ

මත් ද්‍රව්‍යවලට එරෙහිව රට පුරා 31දා හඬනැගීම්

උදුලා පීරිස්

ජාති ආගම් කුල පන්ති පක්ෂ භේදයකින් තොරව රට ව්‍යසනයට ඇදගෙන යන මත් රකුසාට එරෙහිව කතෝලික සභාව අරඹන විශේෂ හඬ නැගීම හා මත් විරෝධි සටනට රටේ සමස්ත ජනතාවගේම සහාය ලබා දිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ පසුගියදා (19) අගරදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේද කීහ.

මත්කුඩු මත්ද්‍රව්‍ය සීමාවක් නැතිව ප්‍රචලිතවීම මත තත්වය දරුණු අතට හැරී ඒ මත්ද්‍රව්‍ය අතර අරගල ඇතිවෙලා . මේ නිසා අද රටේ ප්‍රතිරූපයට කැලැලක් ඇතිවෙලා. මත්ද්‍රව්‍ය කුඩා දරුවන්ගේ ජීවිත වලට විශාල ලෙස බලපෑම් එල්ලවී තියෙනවා.දැන් පාසල් වලට මත්ද්‍රව්‍ය යෑමේ ප්‍රවණතාවක් ඇතිවී තියෙනවා.මේ නිසා කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩ පිළිවෙලක් ආරමභ කිරීමට අප කටයුතු යොදා තියෙනවා.

මේ වන විට කොළඹ නගරයේ පාසල් වලට මත්ද්‍රව්‍ය රැගෙන යෑමේ ප්‍රවණතාක් ඇතිවී තියෙනවා. ජනතාව මේ උවදුර නිසා කලබලයට පත්වෙලා.දරුවන් ආරක්ෂා කිරීම මවුපියන්ට ප්‍රශ්නයක් වෙලා.මේක කඩිනමින් විසඳිය යුතුයි. වසර 30ක් පුරා පැවැති යුද්ධයට වඩා රටේ අනාගත පරම්පරාව ව්‍යවසනයට පත්වෙලා.ඒකට ඉඩ දෙන්න බැහැ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ව්‍යවසනය නැති කරන්න විවිධ පියවර ගනිමින් සිටිනවා.ඒ ගැන අපි සතුටු වෙනවා. මේ උනන්දුව ටික කාලයකදී අඩු වෙනවා.මේ නිසා නැවත වරක් ඒ ව්‍යවසනය හිස ඔසවනවා. රටේ ඇති නීති රීති වල අඩුපාඩු කඩිනමින් සකසා ඉක්මනින් මත් වුවදුර රටෙන් තුරන් කළ යුතුමයි. මත් ජාවාරම පැතිරී තිබෙන බරපතල ආකාරය නිසාම කතෝලික සභාව තීරණයක් ගත්තා බිහිසුණු මත් රකුසාට එරෙහිව හඩ නැගීමක් කරන්න. ඒ අනුව කතෝලික සැදැහැවතුන් මෙන්ම සමස්ත ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අග රදගුරු පදවිය තුළ විශේෂ යැදුම් දිනයක් සහ විරෝධතා පෙළපාලියක් මේ මස 31 දින සංවිධානය කරන ලෙස මම සියලුම මීසම් වලින් සහ ආයතන වලින් ඉල්ලා සිටිනවා.

ඒ අනුව සියලු මීසම් සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් මේ 31 දින දිව්‍ය පූජාව පවත්වා දිව්‍ය යාගයෙන් පසුව මත්ද්‍රව්‍ය වලට එරෙහිව විරෝධතාවය පල කරන පෝස්ටර් සහ බැනර් අතැතිව දේවස්ථානය අසල ප්‍රධාන මාර්ගය වෙත ගොස් පැය භාගයක පමණ කාලයක් එහි නිහඩව රැදී සිටින ලෙස ඉල්ලා සිටිනවා. විරෝධතා රැළියට සම්බන්ධ වීමට අනෙකුත් ආගමික නායකයන්ට සහ අන්‍යාගමික සැදැහැවතුන්ටද ආරාධනා කරනවා. මත්ද්‍රව්‍ය වලට විරෝධය ඵල කරන බැනර් අදාල දේවස්ථාන භූමියේ හා ආයතන පරිශ්‍රවල ප්‍රදර්ශනය කරන ලෙසද මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ උතුර සහ වත්තල ප්‍රදේශවල ආගමික නායකයන් සහ මේ සඳහා සහාය ඵල කරන සියලු දෙනාගේ සහභාගිත්වයෙන් යුතුව මා විසින් එදිනම සංවිධානය කරන විශේෂ විරෝධතා පෙළපාලියක් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් සවස 2.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තියෙනවා. අවසානයේදී මෝදර විස්ටිවයික් ක්‍රීඩාංගනයටක් දෙවන කණ්ඩායම කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් නගරයෙන් පටන් ගෙන තොටළඟ හරහා අලුත් මාවත මාර්ගයට පැමිණ අනතුරුව මෝදරටත් තෙවන කණ්ඩායම හේකිත්ත මංසන්දියෙන් අරඹා අලුත් පාලම ඔස්සේ මට්ටක්කුලියට පැමිණ අනතුරුව අලුත් මාවත සහ මෝදර වීදිය ඔස්සේ සවස 5.00ට පමණ වන න විට විස්ටිවයික් ක්‍රීඩාංගනයට පැමිණීමට නියමිතව ඇති අතර අදාළ ප්‍රසිද්ධ විරෝධතා රැළියට ජනාධිපති හා අගමැතිවරයාද සහභාගිවීමට නියමිතය. මේ රැළියට සියලුම ආගමික සංවිධාන සහ ආගමික නායකයන්ට තමා ආරාධනා කරන බවද කාදිනල් හිමිපාණෝ වැඩි දුරටත් කියා සිටියහ.

කොටහේන පරමාඥාන විහාරාධිපති තඹවිට විමලවංශ හිමියෝ-රට ගිලගනිමින් තිබෙන මත් වුවදුර තුරන්කිරීම වෙනුවෙන් සියලු ආගම් එකතුකරගෙන කාදිනල්තුමා ගෙනයන උත්සාහයට සමස්ත ජනතාවගේ සහාය ලබාදිය යුතුයි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ ආචාර්ය සමන්ත කිතලවාරච්චි මහතා:

මත් වුවදුර තුරන් කිරීමට අප බලකාය හරහා දැවැන්ත වැඩ පිළිවෙලක් ආරම්භ කර තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් රජයටත් ආරක්ෂක අංශවලටත් තනිව කළ නොහැකියි.මේ සඳහා සියලු අංශවල සහාය අත්‍යවශයි. අපේ අනාගත දරු පරපුර රැකගැනීම වෙනුවෙන් ගන්නා කාලෝචිත පියවර වෙනුවෙන් සමස්ත ජනතාවගේ සහාය ලබාදිය යුතුයි.මත්ද්‍රව්‍ය වලට එරෙහිව පවත්වන බක්මහ දිවුරුම අප්ප්‍රේල් 03 සිදුකෙරේ එදින රටේ සමස්ත ජනතාවගේ හෘද සාක්ෂියට එකඟව දිවුරුම් දීමක් සිදුවේ. සමස්ත පාසල් සිසුන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සේවක සේවිකාවන් මෙදිනට දිවුරුම් දීමක් සිදුකෙරේ. අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝ 1200ක් ලබන මස මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ විනාශ කරන්න කටයුතු යොදා තියෙනවා.

කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරු අති උතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණෝ,නියාස් ඩීන්, මොහොමඩ් හිල්මි මෞලවි, සිතාරම් සරනම් කුරුක්කල් තුමා , මහතා ඇතුළු ආගමික නායකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.


නව අදහස දක්වන්න