තාත්තා එක්කන් එමු කිය­මින් පුංචි පුතා සොහොන් වළ හාර­න­වාලු | දිනමිණ

තාත්තා එක්කන් එමු කිය­මින් පුංචි පුතා සොහොන් වළ හාර­න­වාලු

අනා­ර­ක්ෂි­තව ගෑස් ටැංකි ප්‍රවා­හ­නය කළ කන්ටේ­න­ර­ය­කින් විසිවූ ගෑස් ටැංකි­යක් පාසල් දරු­වන් ප්‍රවා­හ­නය කළ ත්‍රී වීල් රථ රියැ­දු­රෙ­කුගේ හිස මතට පතිත වීම නිසා බර­ප­තළ තුවාල ලබා කරා­පි­ටිය රෝහලේ දැඩි සක්කාර ඒක­කයේ වස­ර­කට ආසන්න කාල­යක් ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පසු­ගි­යදා මිය ගියේය. මෙසේ මිය ගොස් ඇත්තේ අලු­ත්වල පාර හව්පේ හික්ක­ඩුව පදිංචි යසන්ත මනෝජ් නමැති 38 වියැති දරු දෙදෙ­නෙ­කුගේ පියෙකි. මේ වන විට ඔහුගේ බිරිය හා දරු දෙදෙනා ඇතුළු මුළු පවු­ලම කර කියා­ගත හැකි දෙයක් නොමැ­තිව අන්ත අස­රණ තත්ව­යට පත්ව ඇත.

රැකි­යාව වශ­යෙන් පෙර පාසල් දරු­වන් ප්‍රවා­හ­නය කර­මින් දරු­ප­වුල නඩත්තු කර ඇති මනෝජ් දරු­වන් රැඟෙන ඒමට යාමේදී මේ අන­පේ­ක්ෂිත අන­තු­රට මුහුණ දි ඇත. ඔහුගේ ජීවි­තය බේරා­ගැ­නී­මට විශාල මුද­ලක් වැය කළ බවත් බෙහෙත් ආදිය ෆාම­සි­ව­ලින් රැඟෙන ඒමට සිදුවූ බවත් මේ වන විට කන­කර පවා උකස් කර විශාල මුද­ලක් ණය වී ඇති බවත් ඔහුගේ බිරිඳ වන ඉරේෂා පියු­මාලි පැව­සුවේ දෙනෙතේ කඳුළු වගු­ර­ව­මිනි.

වැඩි දුර­ටත් ඇය මෙසේ පැවැ­සු­වාය. අපේ පවුල විත­රක් නෙවෙයි අම්ම තාත්තට සැල­කු­වෙත් සැමියා ආච්චිට අවු­රුදු 94ක් වෙනවා. එයා එක­තැන. එයා නාවල ඒ කට­යුතු කළේ මගේ සැමියා. දැන් දරු­වන් පාසල් යවා­ග­න්න­වත් ආදා­ය­මක් නෑ. ණය ගෙවා­ග­න්න­වත් විදි­යක් නෑ. අපි අන්ත අස­රණ වෙලයි ඉන්නෙ.

මනෝජ්ගේ මව වන ඩබ්ලිව්. ඉන්ද්‍රානි - මගේ රත්තරං පුතා අපිට විත­රක නෙවෙයි ආච්චිගේ කට­යු­තුත් ඉටු කළා . අරක්කු සිග­රට් බොන්නෙ නෑ. මගේ සැමි­යාත් දුම්රිය අන­තු­ර­කින් කකුල කැඩිල. අපිට රැකි­යා­වක් කර­න්නත් බෑ. අඩුම ගානෙ සමෘ­ද්ධි­ය­වත් අපිට ලැබෙන්නෙ නෑ. එයා ජීවත්ව ඉද්දි ගෑස් සමා­ග­මෙන් ප්‍රති­කාර කර ගන්න කියල මාසෙ­කට රු. 25000 ක් දුන්නා. ඒක සතියෙ බේත්ව­ල­ටත් මදි. මගේ දරුව නැති උනාට පස්සෙ ඒ මුදල දෙන්නෙත් නෑ. පළමු වසරෙ ඉන්න දරුවා තාත්ත ගෙද­රට ගේන්න කියල පුතාගෙ වළ හාර­නවා. ඒක බලා­ගෙන ඉන්න බෑ. පපුව පිච්චෙ­නවා. කොහොම උනත් දැන් අපිට සර­ණක් නෑ. ජීවිතේ එපා වෙලා තියෙන්නෙ.

මේ සම්බ­න්ධ­යෙන් අස­ල්වැ­සි­යෙකු වන රත්ගම ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී­ව­ර­යෙකු වන යූ. ධම්මික මහතා මෙසේ පැවැ­සීය. මේ පවු­ලට අපිට පුළු­වන් විදි­යට උප­කාර කර­නවා. මේ මිය­ගිය මනෝජ් තමයි පවු­ලම බලා­ගත්තෙ. මේ දරු­වන් දැන් අස­ර­ණයි. මේ සම්බ­න්ධ­යෙන් ලිට්රෝ ගෑස් සමා­ගම හෝ දාන­ප­ති­යකු මැදි­හත් වෙලා මේ දරු දෙන්න වෙනු­වෙන් හරි පිහිට විය යුතුයි. අපි මේ ගැන මාධ්‍ය­යට කිව්වෙ නැත්තෙ ගෑස් සමා­ගමේ කීර්ති නාම­යට හොඳ නැති නිසා. ඒත් දැන් වෙන පිහි­ටක් මේ පවු­ලට නැති නිසා කාගෙන් හෝ පිහි­ටක් ලැබිය යුතුයි.

ධර්‍ම­දාස සිරි­ව­ර්‍ධන - ගාල්ල දිස්ත්‍රික් සංචා­රක


නව අදහස දක්වන්න