සාධාරණ සමාජයක් ඇති කිරීමට බුදු දහමින් ඉටුවන සේවය වැදගත් | දිනමිණ

සාධාරණ සමාජයක් ඇති කිරීමට බුදු දහමින් ඉටුවන සේවය වැදගත්

යුක්තිගරුක, නීති ගරුක, සාධාරණ සමාජයක් ඇති කිරීමෙහිලා බුදු දහමින් ඉටුවන සේවාව ඉතා වැදගත් යැයි කතානායක කරු ජයසුරිය මහතා (19) මහනුවරදි පැවසීය. කතානායකවරයා මෙසේ පැවැසුවේ මහනුවර කතරගම දේවාලයේ අභිනවයෙන් ඉදිකරන ලද වාහල්කඩ විවෘත්ත කිරීමෙන් අනතුරු පැවැති ජනහමුව අමතමිනි.

ඒ මහතා මෙසේද කීය. මහනුවර කතරගම දේවාලයට ඇතුළුවන විට එහි මනා විධිමත් බවක් පිරිසුදු භාවයක් දක්නට ලැබුණා. එය භක්තිකයන් වශයෙන් ඉතා වැදගත්. අපි අදහන ආගම ධර්මයෙන් අපේ ජීවිත වලට මනා යහපත් බාවයට මනා පිටුවහලක් ලැබෙනවා. දේවාලයට පැමිණෙන භක්තිකයන් උදෙසා ක්‍රමවත් වැඩ පිළිවෙළක් කරගෙන යාම පිළිබඳ දේවාලයේ බස්නායක නිළමේ වරයාට මාගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. අද සමාජය තුළ පිරිහෙමින් පවතින යුක්තිගරුක භාවය, නිති ගරුක භාවය, මෙන්ම සාධාරණත්වය ඇති කිරිමෙහිලා ධර්මයෙන් විශාල පිටුවහලක් ලැබෙනවා. ජනතාව ඒ සඳහා නැඹුරු විය යුතුයි. ඔවුන් පැමිණෙන මෙවැනි ස්ථාන ජනතාව ප්‍රසන්න අයුරින් පවත්වා ගැනීම ද ඉතා වැදගත් යැයි ඒ මහතා පැවසීය.

එම අවස්ථාවය මල්වතු මහා විහාරයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය යහමුණේ ශ්‍රී සුමංගල හිමි, මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න, හිටපු පළාත් සභා විපක්ෂ නායක චානක අයිලප්පෙරුම, හිටපු පළාත් සභා මන්ත්‍රිනි ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ

ඉන්ද්‍රාණි තෝරදෙනිය

නව අදහස දක්වන්න