බොරුකාර පළාත් පාලන මන්ත්‍රීන් රැසක් ගැන විමර්ශන | දිනමිණ

බොරුකාර පළාත් පාලන මන්ත්‍රීන් රැසක් ගැන විමර්ශන

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව මන්ත්‍රීධූර දරන පළාත් පාලන ආයතන කිහිපයක මන්ත්‍රීවරුන් රැසක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විමර්ශනයක් ආරම්භකර තිබේ.

සුදුසුකම් නැතිව ඡන්දය ඉල්ලූ බොහෝ පිරිසක් මන්ත්‍රීවරුන් ලෙස සිටින බවත් ඒ සම්බන්ධයෙන් කළ විමසුමක දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. ඒ අය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු සොයා බැලීමක් කරන බවද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

එම සොයා බැලීමේ දී මැතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අය මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්ව සිටී නම් ඒ අය මන්ත්‍රීධරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න