දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිය අරපරිස්සමෙන් භාවිත කරන්න | දිනමිණ

දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිය අරපරිස්සමෙන් භාවිත කරන්න

සුභාෂිණී සේනානායක

අඛණ්ඩව විදුලිය සැපයීම රජයේ ඉලක්කය බවත් රටේ පවතින දේශගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිය අරපරිස්සමින් පරිභෝජනය කරන ලෙස විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව එක් කිරීමේ යම් අභියෝගයක් ඇති බව පෙන්වා දෙන විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන මහතා එම අභියෝගයට මුහුණදීමට අමාත්‍යාංශය සූදානමින් සිටින බවත් කියා සිටි.

අැතැම් වෙඩ් අඩවිවල විදුලිය කැපීම් සිදු කරන බවට අසත්‍ය ප්‍රචාර පළ කරන බව පෙන්වා දෙන ජයවර්ධන මහතා එම ප්‍රකාශ සත්‍යයෙන් තොර ඒවා බවත් කියා සිටි.

ඉදිරියේදී විදුලිය අඛණ්ඩව ලබාදීමට නම් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමින් මහජනයාගේ සහාය අවශ්‍ය වන බවත් පෙන්වා දෙන ජයවර්ධන මහතා අනවශ්‍ය විදුලි පහන් විදුලි පංකා නිවා දමන ලෙසත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි.

පෙරේදා (20) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළ අතර එහිදි මෙසේද කියා සිටියේය.

නොරොච්චෝල තාප බලාගාරයේ අක්‍රිය වී තිබු විදුලි ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.සෑම වසරකම විදුලි ඉල්ලුම ඉහළ යනවා වගේම මේ වසරේත් එය සියයට හයක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.මෙය එක් එක් වසරවල අඩු වැඩි වෙනවා.අප ආරම්භ කිරීමට නියමිතව තිබු කෙරවලපිටිය විදුලි යෝජනා ප්‍රසම්පාදනය ක්‍රියාවලිය පමාවීම නිසා ඉන් විදුලි පද්ධතියට එක්වීමට තිබු මෙගා වොට් 300 ප්‍රමාණය ප්‍රමාද වී තිබෙනවා.ඒ වගේම ස්වභාවික වායු විදුලි උත්පාදන මගින් බලා පොරොත්තු වන විදුලි ධාරිතාව 2021 එකතු කිරීමට නියමිතයි.මේ වන විට ජල විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතු අවම කිරීමට සිදුව තිබෙනවා.මේ වන විට අවශ්‍ය වන විදුලි ධාරිතාව අප ලබා ගන්නේ තාප බලාගාරවලින් .ජලාය හයකම ජලය ඇත්තේ වැසි ඇති නොවීම නිසා අවදානම් මට්ටමේ .ජල විදුලි බලාගාරවල ජලය ගොවිතැන් කිරීම සඳහා සහ පානීය ජලය සඳහා රඳවන ලෙස අපට උපදෙස් ලැබෙනවා.මේ නිසා ජනතාව දැනුවත් විය යුතුයි. අනවශ්‍ය විදුලි පහන් උපකරණ නිවා දමන්න.දිවා කාලයේ වැඩකරන දිනකට අපිට මෙගා වෙට් 2300ක් වැය වෙනවා.රාත්‍රි කාලයේ පැය දෙකත් දෙකහමාරක් අතර කාලයක් සඳහා මෙගා වොට් 2600ක් වැය වෙනවා.විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය උත්පාදනය කරගන්නා අයට විදුලි ඒකකයකට රුපියල් 38ක මුදලක් විදුලි මීටරය පරීක්ෂා කර බලා අප ගෙවීමක් සිදු කළා.2018 වසරේ ඇඹිලිපිටිය විදුලිය මෙගාවොට් 100ක් සහ මතුගම මාතර විදුලිය මෙගාවොට් 50ක්ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා.එහෙත් අපට ලබාගත හැකිවුයේ අඹිලිපිටිය ධාරිතාව පමණයි.අප ඉතිරි යෝජනා ක්‍රම දෙකේ විදුලිය ලබා ගැනීමට අව්‍ය කටයුතු සිදු කරනවා.

මේ අවස්ථාවට විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ තිස්ස ජිනසේන මහතාද එක් විය.


නව අදහස දක්වන්න