කතරගම ගම් 05ක ජල ව්‍යාපෘති විවෘත කිරීම දහම් සිරිසේන අතින්.... | දිනමිණ

කතරගම ගම් 05ක ජල ව්‍යාපෘති විවෘත කිරීම දහම් සිරිසේන අතින්....

වකුගඩු රෝග නිවාරණය මුල් කරගෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රටපුරා ක්‍රියාත්මක කර ඇති (රකිමු වකුගඩු පණසේ සුවය දිවිමඟ එවිට සැළසේ) යන මතෘකාව යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනින් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම් 05ක් සඳහා ජල ව්‍යපෘති ලබා දී විවෘත කිරීම ජනපති පුත් දහම් සිරිසේන මහතා අතින් ඉකුත්දා (19) කතරගම දී සිදුකරනු ලැබීය.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මුල්‍ය දායකත්වය යටතේ රුපියල් 15.520.700 ක මුදල් ප්‍රතිපාදන යටතේ මේ ජල පද්ධති ජනතා අයිතියට පත් කරනු ලැබීය.

මේ ව්‍යපෘතිය යටතේ ජල පෙරණ පද්ධති කතරගම ගෝතමිගම, සේනාසන මාර්ගය, ගෝතමීගම විද්‍යාලය, පෙරගිරිගම, සිතුල්පව්ව, බෝධිරාජපුරගම, හා වල්ලිකන්දාරාම විහාරස්ථානය වෙත මේ ජල පද්ධති ලබා දෙනු ලැබීය.

මෙයට අමතරව රුහුණු මහා කතරගම දේවාලය මගින් බැතිමතුන්ගේ පහසුව පිණිස ඉදි කළ විශ්‍රාම ශාලාව වෙත ද මේ ජල පිරිපැහැදුම් පද්ධතියක් ලබාදිම සිදු කරනු ලැබීය.

ශ්‍රි වල්ලිමාතාගම වල්ලිකන්දාරාම විහාරාධිපති ඇත්පදුරේ විපුලභද්‍රහිමි, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ, කතරගම ප්‍රාදේශීිය සභාවේ සභාපති චානක අමිල් රංගන ප්‍රාදේශීිය සභාවේ මන්ත්‍රීවරුන්, නාවික හමුදාවේ දකුණු පළාත් ආඥාපති අයි. ආර්. පේ‍්‍රමරත්න, කතරගම ප්‍රාදේශීය ලේකම් ඒ. එම්.නන්දසිරි මහත්වරුන් හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

කතරගම සංචාරක- කේ.ඩී. දේවප්‍රිය


නව අදහස දක්වන්න