උඩගම නාන තොටුපළේ බාධකය ඉවත් කරන්නේ කවදාද? | දිනමිණ

උඩගම නාන තොටුපළේ බාධකය ඉවත් කරන්නේ කවදාද?

ඇඹිලිපිටිය උඩගම ප්‍රධාන නාන තොටුපලේ මාරකය ඉවත් කර දෙන්න.

ඇඹිලිපිටිය උඩගම පාලමට ආසන්නයේ ඇති ප්‍රධාන නාන තොටුපළ දැනට මාසයක පමණ කාලයක සිට ජලය සමඟ ගසාගෙන ආ විශාල අත්තක් පාලමේ හිරවීම නිසා ජලය පරිහරණය කරන ප්‍රදේශවාසීන් හා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවට මහත් අවදානමක් ගෙන දෙන අතර එම නාන තොටුපළට බැසීමට ඇති පඩි පෙළ ද කාලයක සිට විනාශ වී ඇත. එම අත්ත ඉවත් කර පඩි පෙළ ද කඩිනමින් සකස් කර දෙන්නැයි ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලති.

ඇඹිලිපිටිය සංචාරක
ඩබ්ලිව්. විදානපතිරණ

නව අදහස දක්වන්න