රුහුණු මහ නිල් සටන අද සිට | දිනමිණ

රුහුණු මහ නිල් සටන අද සිට

සාන්ත සර්වේශස් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) - ඒ. එම්. ප්‍රියන්ත (කනිෂ්ඨ පුහුණුකරු), පසිදු මනුප්‍රිය, රොෂාන් ප්‍රියංකර (කණ්ඩායම භාර ආචාර්ය), චරිත් හර්ෂණ දයාරත්න (නායක), මහේෂ් කේ. හේවා මයා (විදුහල්පති), ශෂික දුල්ෂාන් (උප නායක), ටී. ඩී. මුණසිංහ (පුහුණුකරු), නේසර නුවන්ත, නයනානන්ද ද සිල්වා (ක්‍රීඩා භාර සහකාර විදුහල්පති), මැද පෙළ (වමේ සිට) - චරිත් නෙත්සර, රිතික අනුරාධ, පුෂ්පිත ඩිල්ෂාන්, පසන් නෙත්සර, රුවින්ද රෝචන, මහීශ මදුශාන්, චේතක දෙනුවන්, ජනිදු ජයවින්, ශානක දිදුලන්ත, හිරුන් අංජන, නිපුන් රංගීත්, රිසිර ලක්වින්, වරුණ ගමගේ, පසු පෙළ (වමේ සිට)- චිහාන් කලිදු, දිනිරු ශනුෂ්ක, නවීන් සාහිත්, දිනුර දිල්මින්

මාතර සාන්ත තෝමස් විදුහල සහ සාන්ත සර්වේශස් විදුහල අතර 119 වැනි වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (22) සිට තෙදිනක් පුරා සාන්ත තෝමසයේ සත්කාරකත්වයෙන් මාතර උයන්වත්ත පිටියේ පැවැත්වේ.

2018/2019 පාසල් ක්‍රිකට් සංගමය පැවැත්වූ 19 පහළ තරගාවළියේ පළමු පෙල ‘සී’ කාණ්ඩායේ තරග දෙකක් ජය ගෙන එක් තරගයක් පරාජය වී තරග පහක් ජය පරාජයෙන් තොරව නිම කරමින් එම කාණ්ඩායේ තෙවැනි තැනට පත්වූ සර්වේශස් පිලට මෙවර රුහුණු මහ නිල් සටනේ වැඩි වාසි හිමිවනු ඇත. ‘ඩී’ කාණ්ඩයේ තරග වැදුණු සාන්ත තෝමස් පිලට එම කාණ්ඩයේ කිසිදු තරගයක් ජය ගැනීමට නොහැකිවූ අතර තරග තුනක් පරාජය වී තරග පහක් ජය පරාජයෙන් තොරව නිම කරමින් කාණ්ඩයේ අටවැනි ස්ථානයට පත්විය. මීට අමතරව දෙපිලම සාම්ප්‍රදායික තරග තුන බැගින් ජය ගෙන ඇත.

මෙවර සාන්ත සර්වේශස් පිලට නායකත්වය දෙන්නේ චරිත් හර්ෂණ දයාරත්නයි. ශෂික දුල්ෂාන් උපනායකයායි. ඔහු ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

මිහිසල් අමෝද ගේ නායකත්වයෙන් සහ ගිශන්තික ජයවීර ගේ උප නායකත්වයෙන් සාන්ත තෝමස් පිල මෙවර තරග බිමට පිවිසෙයි.

තරග 32-27 ලෙස ජය ගනිමින් සාන්ත තෝමසය තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර ඔවුන් අවසන් වරට ජය වාර්තා කර ඇත්තේ 2007 දී තාරක දුශන්තගේ නායකත්වයෙන්ය. සාන්ත සර්වේශය අවසන් වරට තරගය ජය වාර්තා කර ඇත්තේ 1971 දී නිමල් මුණවීර ගේ නායකත්වයෙනි.

ප්‍රියාන් ද සිල්වා
මාතර ක්‍රීඩා


නව අදහස දක්වන්න