Lankapack 2019 ප්‍රදර්ශනය සැප්තැම්බරයේ | දිනමිණ

Lankapack 2019 ප්‍රදර්ශනය සැප්තැම්බරයේ

ප්ලාස්ටික් කර්මාන්තයේ ඇසුරුම්කරණය, පිරි සැකසුම්කරණය සහ මුද්‍රණය විදහා දක්වමින් සැප්තැම්බර් මස 11 සිට 13 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත Lankapack 2019 ප්‍රදර්ශනයේ මාධ්‍ය මුහුරත් උළෙල පසුගියදා ගලධාරි හෝටලයේ දී පැවැත් වුණි.

වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා අසුරුම්කරණ ආයතනය (SLIP) සහ එහි තාක්‍ෂණික බාහුව ලෙස සැලකෙන ඇසුරුම්කරණ සංවර්ධන මධ්‍යස්ථානය එක්ව 21 වැනි වරටත් සංවිධාන කරනු ලබන Lankapak ප්‍රදර්ශනයට ප්‍රමුඛතම ප්‍රදර්ශන සංවිධායකයා වන CDC Events සහ ඉන්යානු සමාගමක් වන Futurex අනුග්‍රහය දක්වයි.

මේ උළෙලේ ප්‍රධාන අමුත්තා වූයේ වාණිජ හා කර්මාන්ත, අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ සහ සමුපකාර සංවර්ධන ඇමැති රිෂාඩ් බදිදුදීන් මහතාය. ප්‍රදර්ශනයට සමගාමීව ඇසුරුම්කරණ, පිරි සැකසුම්කරණය, මුද්‍රණය සහ ප්ලාස්ටික් කර්මාන්තය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයක් සැප්තැම්බර් 12 වැනි දින පැවැත් වෙයි.


නව අදහස දක්වන්න