Vantage වෙතින් Inner wear මාදිලි පෙළක් | දිනමිණ

Vantage වෙතින් Inner wear මාදිලි පෙළක්

පිරිමි නිමි ඇඳුම් විලාසිතා සඳහා ශ්‍රී ලංකාවේ ඉහළම පිළිගැනීමක් ඇති සන්නාමයක් වන Vantage විසින් හඳුන්වා දෙන නවතම පිරිමි Innerwear නිෂ්පාදන පෙළ දියත් කිරීමේ උත්සවය පසුගිය දා, කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ Lotus Ballroom ශාලාවේ දී පැවැත්වුණු අතර, විලාසිතා පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් මීට සහභාගී වී සිටිනු දැකගත හැකිවිය. Vantage යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදිපිළි සැපයුම්කරුවකු වන Ebony Holdings සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරින උසස්ම තත්ත්වයේ පිරිමි නිමිඇඳුම් සන්නාමයකි.

මේ අවස්ථාවේ දී අදහස් පළ කරමින් Ebony Holdings සමාගමේ සභාපති රස්මි රහීම් මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘උසස් වර්ගයේ ඇඳුම් පැළඳුම් සඳහා කැමැත්තක් දක්වන සහ නව විලාසිතා පිළිබඳ උනන්දුවක් ඇති පාරිභෝගිකයන් අතර කැපීපෙනෙන වෙළෙඳ සන්නාමයක් බවට පත්වීම අරමුණු කරගත් අපි, මේ හඳුන්වා දෙන Vantage Innerwear මාදිලි පෙළත් සමඟම අප සතු නිමි ඇඳුම් වර්ගීකරණය අංග සම්පූර්ණ එකක් බවට පත් කරගෙන තිබෙනවා’ යන්නය.

නව අදහස දක්වන්න