වකුගඩු හා හෘද රෝගීන්ට එන්නත් 15,40000ක් ගෙන්වයි | දිනමිණ

වකුගඩු හා හෘද රෝගීන්ට එන්නත් 15,40000ක් ගෙන්වයි

අරුණ ඩයස් සහ චන්දිමා කරුණාරත්න

වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන අමෙරිකානු ඩොලර් 918,000ක් වටිනා එන්නත් 850,000 ක් සහ හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන අමෙරිකානු ඩොලර් මිලියන 1.82 ක් වටිනා විවිධ වර්ගවල එන්නත් 690,000ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වේ.

 වකුගඩු රෝගින් සඳහා භාවිතා කරන එ‍පොයිටින් නම් එන්නත මිලදී‍ ගැනිම සඳහා ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ඉන්දියාවේ M/s Reiance Science සමාගමෙන් මිලදී ගැනිම සඳහාද හෘද රොගීන් සඳහා භාවිතා කරන එනොක්සපාරීන් සෝඩියම් එන්නත මිලදී ගැනිම සඳහා ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත චීනයේ M/s Shenzhen Techdow Pharmaceutical Co.Ltd සමාගමෙන් මිලදී ගැනිම සඳහාද වන යෝජනා සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවලට අනුමැතිය හිමි විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (19) කැබිනට් මණ්ඩලය රැස් විය.

නව අදහස දක්වන්න