සනත්ගේ ප්‍රශ්නය අතට ගන්න ක්‍රීඩා අමැතිගෙන් අර්ජුන ඉල්ලයි | දිනමිණ

සනත්ගේ ප්‍රශ්නය අතට ගන්න ක්‍රීඩා අමැතිගෙන් අර්ජුන ඉල්ලයි

අනූ හයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සනත් ජයසූරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ජාත්‍යන්තර තරග තහනම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යවරයා වඩාත් සංවේදී විය යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි. සනත්ට එරෙහි තරග තහනම් ඉවත් කර ගැනීම ඉක්මන් කළ යුතු බව රණතුංග මහතා අවධාරණය කරයි.

“දුරකථනය දුන්නේ නැහැ කියලා අවුරුදු දෙකක් එහෙම තහනම් කරන්න බැහැ. ඒක පුදුම නීතියක්. සනත් ජයසූරිය කියන්නේ අපේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙක්. ඔහු මෙහෙම වැටෙන කොට අපේ ක්‍රිකට් පරිපාලනය කතා කරන්නේ නැහැ. සනත් ජයසූරිය වෙ‍නුවෙන් අපේ ක්‍රිකට් පරිපාලනය පෙනී සිටින්න ඕන. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලය එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒ ඇයි දන්නවද ? මේවායේ අගමුල සොයන්න ගියොත් සූදූකාරයෝ අහු වෙනවා. මං හිතන්නේ සනත් ජයසූරියගේ ප්‍රශ්නය අතට ගැනීමේ වගකීම ක්‍රීඩා ඇමැතිවරයාට තියෙනවා” ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ අද (20) කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ පැවැති ගමේ පන්සල ගමට සවියක් ප්‍රජාසත්කාරක වැඩසටහනට එක් වෙමිනි.


නව අදහස දක්වන්න