සෙලින්කෝ ලයිෆ් ‘ස්මාර්ට් ප්‍රොටෙක්ෂන්’ කල් පිරීමේදී වාරික මුදල් ආපසු | දිනමිණ

සෙලින්කෝ ලයිෆ් ‘ස්මාර්ට් ප්‍රොටෙක්ෂන්’ කල් පිරීමේදී වාරික මුදල් ආපසු

සම්පූර්ණ ගෙවූ රක්ෂණ වාරික මුදල සහ මූලික රක්ෂිත මුදල කල් පිරීමේ දී රක්ෂිතයාට සහතික වශයෙන් ආපසු ගෙවන අතරම රක්‍ෂිත මුදල මෙන් අවම වශයෙන් අට ගුණයක ජීවිත ආවරණයක් ලබාදෙන නව්‍ය වූ ජීවිත රක්ෂණයක් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් හඳුන්වා දී ඇත.

මෙරට වෙළඳපොළට හඳුන්වාදී තිබෙන මේ ආකාරයේ පළමු ජීවිත රක්ෂණ ඔප්පුව වන මෙය ‘ස්මාර්ට් ප්‍රොටෙක්ෂන්’ යනුවෙන් නම්කර තිබෙන අතර මෙමගින් අමතර වාරික ගෙවීමකින් තොරව වාර්ෂිකව ජීවිත ආවරණය 2.5% ක් බැගින් වැඩිකරන බවත් දිගුකාලීන ඉතුරුකිරීම් සඳහා මෙය ආයෝජන සැලසුමක් ලෙස ක්‍රියාකරන බවත් සමාගම සඳහන් කරයි.

මෙම රක්ෂණ ඔප්පුව මගින් රක්ෂණ ඔප්පු හිමියන්ගේ යැපෙන්නන්ට අසමසම ආරක්ෂාවක් ලබාදෙන අතර පළමු අවුරුද්ද තුළ දී රක්‍ෂිත මුදල මෙන් අට ගුණයක ජීවිත ආවරණයක් ලබාදෙයි. එනම්, රුපියල් 500, 000 ක මූලික රක්ෂිත මුදලක් සහිත රක්ෂණ ඔප්පුවක් මිලදීගත් තැනැත්තෙකු රක්ෂණ ඔප්පුව මිලදීගත් වසරේ දී මරණයට පත්වුවහොත් යැපෙන්නන්ට රුපියල් මිලියන 04 ක මුදලක් හිමිවන අතර ඔප්පුවේ පස්වන වසරේ දී මරණය සිදුවුවහොත් රුපියල් මිලියන 4.4 ක මුදලක් හිමිවේ. එසේම, දසවන වසරේ දී මරණයට පත්වුවහොත් රුපියල් මිලියන 4.9 ක් හිමිවන බව සමාගම වැඩිදුරටත් පවසයි.

මෙම රක්ෂණ ඔප්පුව කල්පිරුණු විට ඉහළ ප්‍රතිලාභයක් සහතික කරමින් වසර ගණනාවක් රක්ෂණ ඔප්පුහිමියන් විසින් ගෙවූ රක්ෂණ වාරික මුදල් සහ මූලික රක්ෂිත මුදල රක්ෂිතයාට ලබාගැනීමට හැකිවේ.

‘මෙම රක්ෂණ ඔප්පුවේ ඉතාමත් වැදගත් ලක්ෂණය වන්නේ එහි තිබෙන සරල බවයි, ’ යනුවෙන් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘මෙම රක්ෂණ ඔප්පුවේ කොන්දේසි ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගත හැකියි. ඒ වගේම, මෙමගින් ඉතාමත් ඉහළ ආරක්ෂාවක් ලබාදෙනවා. මෙහි දී, රක්ෂණ ඔප්පු හිමියා ස්ථාවර රක්ෂණ වාරික මුදලක් ගෙව්වත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත ආවරණය වසරක් පාසාම වර්ධනය වෙනවා. මේ නිසා, මෙම රක්ෂණ ඔප්පුව සක්‍රීයව පවත්වාගෙන යාමට අමතර දිරියක් ලැබෙනවා.’

සෙලින්කෝ ලයිෆ් ස්මාර්ට් ප්‍රොටෙක්ෂන් රක්ෂණ ඔප්පුව අවුරුදු 18 සිට 60 දක්වා පුද්ගලයින්ට වසර 10, 15, 20, 25 හෝ 30 යන කාල සීමාවක් දක්වා මිලදීගත හැකි අතර රක්ෂණ වාරික මුදල් මාසිකව, කාර්තු ලෙස, අර්ධ වාර්ෂිකව සහ වාර්ෂිකව ගෙවීමේ හැකියාව තිබේ. මෙම රක්ෂණ ඔප්පුව මිලදීගන්නා ගනුදෙනුකරුවන් මෙරට විශාලතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන ලෙසින් සැලකෙන ‘ෆැමිලි සවාරි’ වැඩසටහන සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනික දක්ෂතා සහ බාහිර ක්‍රියාකාරකම් ජයග්‍රහණ සම්මානයට පාත්‍ර කරන ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සහභාගී වීමට සුදුසුකම් ලබයි.

 


නව අදහස දක්වන්න