බෙලිඅත්ත ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට වෙඩි | දිනමිණ

බෙලිඅත්ත ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට වෙඩි

බෙලිඅත්ත පල්ලත්තර දෙබොක්කාව මෝදරවාල ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ බෙලිඅත්ත ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල පියදර්ශන අමරකෝන් එලෙස තුවාල ලබා ඇති බවයි

සිය නිවසේ නිදා සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වන විට තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව ද සදහන්.


නව අදහස දක්වන්න