වැසීගිය බොනවිස්ටා විදුහල යළි හදන්න ඇමැතිගෙන් ලක්ෂ 1000ක් | දිනමිණ

වැසීගිය බොනවිස්ටා විදුහල යළි හදන්න ඇමැතිගෙන් ලක්ෂ 1000ක්

  • කුමාර උදයරත්න යක්කලමුල්ල විශේෂ

1814 වසරේ ආරම්භ කළ විද්‍යාලය මෑතක් වනතුරුම ප්‍රදේශයේ අධ්‍යාපන කේන්ද්‍රථානයක් විය.

මහාගත්කතු මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, ප්‍රථම ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක, ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ප්‍රවීණ ලේඛක එඩ්වින් ආරියදාස වැන්නන් බොනවාස්ටාවෙන් බිහිවුවෝ වෙති.

මෙවනි විශිෂ්ට පාසලක වටිනාකම අවබෝධ කරගත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒසඳහා සෘජුවම දායකත්වය දී ඇත.

ඒ අනුව අධ්‍යාපන අැමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත වැසීයාමට තිබූ ගාල්ල බොනවිස්ටා විද්‍යාලය නැවත සංවර්ධනය කර ගාල්ල ප්‍රදේශයේ විශිෂ්ටතම පාසල් ව්‍යාපෘතියක් බවට පත් කොට ඇත.

මෙ සඳහා කෝටි 10කට අධික මුදලක් වැය කර තිබේ. 2017 වසර වන විට සිසුන් 17ක් සහ ගුරුවරුන් 8දෙනකුගෙන් පමණ සමන්විත වූ අතර පාසල වැසීයාමට නියමිතව තිබුණි.

ළඟම පාසල - හොඳම පාසල රජයේ ‍වැඩ සටසහන අනුව බොනවිස්ටා විද්‍යාලය නඟා සිටුවීම 2017 වසරේ ආරම්භ කෙරිණි.

එහි නියුමුවා වූයේ වත්මන් විදුහල්පති කරුණාරත්න ගනේවත්ත මහතායි. ආරම්භයේ ශක්තිය ධෛර්යය ලබාදීමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා නොමඳ ශක්තියක් දුන්නේය.

මේ වන විට නවීන පහසුකම්වලින් සමන්විතව හය වසරේ සිට උසස් පෙළ දක්වා සියලු වශ­‌ෙයන් උගන්වයි. සිසුන් දහසක් පමණ ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත අතර, ගුරුභවතුන් පනස් හතරක් පමණ ඉගැන්වීම්වල නිරත වෙති. සුහුරු පන්ති කාමර 24ක් දැනට සකසා ඇති අතර, ටැබ් පරිගණක භාවිතයෙන් ඉගැන්වීම් කටයුතු කෙරේ. ගත වූ කෙටි කාලයේ දී බාහිර ක්‍රියාකාරකම්වලින් ජාතික හා පළාත් මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබීම විද්‍යාලයේ කිතුගොස පතුරුවන්නකි. ඉංග්‍රීසි, දෙමළ මාධ්‍ය විෂයන්ගෙන් අධ්‍යයන කටයුතු උසස් පෙළ දක්වා කර ගෙනයාම සිසුන්ට මහත් පිටිවහලකි. ගෘහ නිර්මාණ, ගෙවතු අලංකරණය, සංචාරක වය්‍යාපාර, භූ දර්ශන නිර්මාණ, ප්‍රාසාංගික කලාව, ආහාර තාක්ෂණය, ග්‍රැෆික් නිර්මාණ, පරිගණක දත්ත නිර්මාණය ආදී වෘත්තිය විෂයන් හැදැරීමට සිසුන්ට අවස්ථාව උදා වී තිබේ.

 

නව අදහස දක්වන්න