ආද­ර­ව­න්ත­යන්ගේ සට­නින් රිච්මන්ඩ් විදු­හ­ලට විශිෂ්ට ජයක් | දිනමිණ

ආද­ර­ව­න්ත­යන්ගේ සට­නින් රිච්මන්ඩ් විදු­හ­ලට විශිෂ්ට ජයක්

භක්ති ධර්ම­ප්‍රිය මෙන්ඩිස්

ගාල්ල මහින්ද සහ රිච්මන්ඩ් විද්‍යාල අතර පැවැති ආද­ර­ව­න්ත­යින්ගේ සට­නේදී රිච්මන්ඩ් විද්‍යා­ලය කඩුලු හයක විශිෂ්ට ජයක් ලබා ගත්තේය. ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පසු­ගි­යදා මේ තර­ගය පැවැ­ත්වූයේ 114 වැනි වර­ටය.

තර­ගයේ දෙවැනි සහ අව­සන් දිනයේ පස්ව­රුවේ රිච්මන්ඩ් ක්‍රීඩ­කයෝ ලකුණු 215 ක ජය­ග්‍රාහී ඉල­ක්කය පන්දු වාර 44.3 කදී කඩුලු හත­රක් පම­ණක් දැවී සම්පූර්ණ කිරී­මට සම­ත්වූහ. එය වසර 4ක් ඇතු­ළත රිච්මන්ඩ් විදු­හල් පිල ආද­ර­ව­න්ත­යන්ගේ සටන ජය­ගත් දෙවැනි අව­ස්ථාව විය. මීට පෙර රිච්මන්ඩ් විදු­හල 2015 වස­රේදී සිතාර ගිම්හා­නගේ නාය­ක­ත්ව­යෙන් ආද­ර­ව­න්ත­යන්ගේ සටන ජය­ග­ත්තේය.

මහින්ද විදු­හල කඩුලු 9 ක් දැවී ලකුණු 161 ක් රැස්කර සිටි­යදී දෙවැනි ඉනිම අත්හි­ටුවා රිච්මන්ඩ් විදු­හ­ලට ජය­ග්‍ර­හ­ණය සඳහා පන්දු­වාර 45 කදී ලකුණු 215 ඉල­ක්ක­යක් ලබා දුන් අතර පන්දු 92 කදී හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් එල්ල කර­මින් නායක තවීෂ අභි­ෂේක් සිය කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය දක්වා රැගෙන ගියේය.

මහින්ද විදු­හල පළමු ඉනිම ඕවර 63.3කදී සියලු දෙනා දැවී 197 ( නිපුන් මාලිංග 44, කෞෂිත කොඩි­තු­වක්කු 36, විදුර දුල්සර 27, නවෝද් පර­ණ­වි­තාන 26, දිලුම් තිල­ක­රත්න 49/5, සඳුන් මෙන්ඩිස් 53/3, දිමුත් සඳ­රු­වන් 33/2)

රිච්මන්ඩ් විදු­හල පළමු ඉනිම ඕවර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 144 (ආදිත්‍ය සිරි­ව­ර්ධන 20, සඳුන් මෙන්ඩිස් 36, විනුජ සප්නක 21, කුෂාන් මදූෂ 20/5, අශේන් කණ්ඩම්බි 8/2, නවෝද් පර­ණ­වි­තාන 21/2)

මහින්ද විදු­හල දෙවැනි ඉනිම ඕවර 34.3 කදී කඩුලු 9 ට 161 (හංසික වැලි­හින්ද 71, නවෝද් පර­ණ­වි­තාන 30, දිලුම් තිල­ක­රත්න 57/4, කල්ප නෙත්සර 32/3)

රිච්මන්ඩ් විදු­හල දෙවැනි ඉනිම ඕවර 44.3 කදී කඩුලු 4 ට 215 (තවීෂ අභි­ෂේක් නොදැවී 99, භානුක මනෝ­හර 40, ආදිත්‍ය සිරි­ව­ර්ධන 26, දිලුම් තිල­ක­රත්න 42)

නව අදහස දක්වන්න