බත්ගොඩ පාරේ අලුත්වැඩියාවට බාලගිරි දෝෂය ද? | දිනමිණ

බත්ගොඩ පාරේ අලුත්වැඩියාවට බාලගිරි දෝෂය ද?

 කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බත්මැඩිල්ල-බත්ගොඩ ප්‍රධාන මාර්ගය මඩ ගොහොරුවක් බවට පත්ව අබලන් ඇතැයි මාර්ගය පරිහරණය කරන්නෝ පවසති.

මේ හේතුවෙන් බත්ගොඩ, බත්මැඩිල්ල, මාලිගාතැන්න ඇතුළු ගම්මාන රැසක පාසල් දරුවන් ඇතුළු ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මේ වන විට කිලෝමීටර් තුනක් පමණ වන මාර්ගයේ බොහෝ ස්ථාන කැලෑවට යටවී ඇති අතර ස්ථාන රැසක මඩ ගොහොරු සහ වළගොඩැලි සෑදී ඇත.

මෙහි කිසිදු පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක නොවන අතර ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර් වැනි වාහන මාර්ගයේ ගමන් කළත් වැසි දිනවලදී එම වාහනද ගමට නොපැමිණෙන බව ගම්වාසීහු පවසති.

ඡායාරූපය - මීගහකිවුල සමූහ එන්. නවරත්න 


නව අදහස දක්වන්න