මියා කලීෆා යළි පෙම්වතියක් වෙයි | දිනමිණ

මියා කලීෆා යළි පෙම්වතියක් වෙයි

සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිලියක් වන මියා කලීෆා යළි පෙම්වතියක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
ඇය තම පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූයේ 2016 වසරේදීය. ඒ වසර 5ක් තම විවාහ දිවිය ගත කිරීමෙන් අනතුරුවය. පාසල් කාලයේදී ඇතිවූ පෙම් සබඳතාවක් දුරදිග යාමෙන් ඇගේ පළමු විවාහය සිදුවන්නේ 2011 වසරේදීය. 2016 වසරේ ඇය ඔහුගෙන් නීතියෙන් වෙන්වීමෙන් අනතුරුව ඇය නැවත විවාහයක් ගැන සිතා තිබුනේ නැත. 
 
එහෙත් පසුගියදා ඇය නැවත පෙම්වතියක් බවට පත්වූයේ අහඹු ලෙස ඇයවද පුදුමයට පත් කරමින්ය.
 
ඇගේ මිතුරකු වූ ස්වීඩන් ජාතික සූපවේදියෙකු වූ රොබට් සෑන්ඩ්බර්ග් සමග ඇය දිනක් රාත්‍රී භෝජනයකට සහභාගී වී තිබේ. ඒ අතරතුර ඔහු ඇය වෙනුවෙන් ඇනවුම් කළේ නවතම වට්ටෝරුවක කෑම පිඟානකෙි. කෑම අතරතුර ඇයවද පුදුමයට පත් කරමින් එම බඳුනේ තිබී මතුවූයේ රන් මුද්දකි. එකෙනෙහිම ඔහු ඇය වෙත එය ඉදිරිපත් කරමින් තම මංගල යෝජනාව පිළිගන්නවාදැයි අසා තිබුනි. ඔහුව විශ්මයට පත් කරමින් මියා ඔහුගේ මංගල යෝජනාව පිළිගෙන තිබෙන බව ද සදහන් වේ.
 
මීයා කලීෆා උපත ලබන්නේ 1993 වසරේ ලෙබනනයේදී ය. 2000 වසරේ ඇය ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු වේ. එහිදී ඇය ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබා ගන්නේ ඇමරිකා ටෙක්සාස් එල් පාසෝ විශ්ව විද්‍යාලයෙනි. 2014 වසරේදී නිල් චිත්‍රපට නිළියක් ලෙස එක්වන මියාට අවශ්‍ය වන්නේ නිල් චිත්‍රපට නිළියන් අතර පළමු තැන ගැනීමටය. ඒ අනුව ඇය ඒ වන විට ප්‍රමුඛ ස්ථානයේ සිටි නිල් චිත්‍රපට නිළි ලීසා ඈන්ව දෙවන තැනට දමමින් පළමු තැනට පැමිණේ.
 
මේ වන විට ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන පහකට ආසන්නවේ.

නව අදහස දක්වන්න