Amãna Takaful වෙතින් රක්ෂණාවරණ රැසක් | දිනමිණ

Amãna Takaful වෙතින් රක්ෂණාවරණ රැසක්

දිවයින පුරා විහිදී ඇති සියලුම සමාජ තලවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ සියලු රක්ෂණ අවශ්‍යතා නිසි පරිදි ලබාදීමේ වුවමනාව පෙරදැරිකොටගෙන Amãna Takaful (ATL) PLC අසමසම රක්ෂණ නිමැවුම් සහ සේවා ලබාදීමට කැපවී කටයුතු කරයි. දශක දෙකකට වැඩි කාලයක් අත්කරගත් ප්‍රගතිය සහ සාර්ථකත්වය ATL කළ කැපවීමේ සාක්ෂියක් වේ.

පාරිභෝගික අවශ්‍යතාවන්, බලාපොරොත්තු සහ අභිලාෂයන් හඳුනා ගැනීම උදෙසා පාරිභෝගික අවශ්‍යතාවන් සම්බන්ධ නිවැරැදි තොරතුරු එක්රැස්කර ගැනීමට ATL බොහෝවිට කැපවෙයි. පාරිභෝගිකයන් රක්ෂණාවරණයක් ගැන සළකා බලන මොහොතක දී ඒ හරහා අපේක්ෂා කරන ප්‍රතිලාභ පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීම සඳහා එම දත්තයන් උපකාරී වේ. සිය පාරිභෝගිකයන් සදහා විවිධත්වයෙන් පිරි රක්ෂණාවරණ නිර්මාණය කරන්නට ආයතනයට හැකියාව ලැබී ඇත්තේ මේ සුවිශේෂී ක්‍රියාවලිය නිසාය.

විවිධ අවශ්‍යතාවන්ට ගැළපෙන රක්ෂණ නිෂ්පාදන පෙළක් ATL හි තිබේ. උදාහරණයක් ලෙස ත්‍රීරෝද රථ සඳහා Tuk Tuk Full සහ මෝටර්බයිසිකල් සඳහා SRC පෙන්වාදිය හැක. Tuk Tuk Full හරහා ත්‍රීරෝද රථ රියැදුරන්ට අමතර රැකවරණයක් ලැබෙන නිසා ඔවුන්ගේ පවුල්වල අයටත් කිසිදු අමතර වදවීමකින් තොරව පහසුවෙන් ජීවත්වීමේ අවස්ථාව ලැබෙන අතරම අවාසනාවන්ත අනතුරකදී පවා වඩාත් ඉහළ රක්ෂණ රැකවරණයක් ලබාගැනීමේ පහසුකම ඇත.


නව අදහස දක්වන්න