මොබි­ටෙල් කෑෂ් බොනැන්සා බදු­ර­ලි­යට | දිනමිණ

මොබි­ටෙල් කෑෂ් බොනැන්සා බදු­ර­ලි­යට

සෑම දෙනාම පුළ පුළා බලාසිටි මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය පසුගිය දා බදුරලිය කඹුරාවල විදුහල් ක්‍රීඩාංගණයේ දී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. මොබිටෙල් කෑෂ් බොනැන්සා සැළකෙළිය ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් තමන්ගේ නගරයට එනතුරු අපේක්ෂාවෙන් සිටින තත්ත්වයකට පත්වී තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල විසිරී සිටින මොබිටෙල් පාරිභෝගිකයන්, පවුල් සහ හිතමිතුරන් එකට එකතුවෙමින් සතුටු වන අවස්ථාවක් ලෙස මේ සැණකෙළිය අපට හඳුන්වා දිය හැක. මේ සැණකෙළිය පැවැත් වූ පසුගිය අවුරුදු 3ක සිට ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් විසින් එය පවත්වන ප්‍රදේශයේ ජනතාවට විනෝදජනක සුවිශේෂී මතකයන් ඇති කිරීමට සහ විනෝදයෙන්, ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අවස්ථාව උදාකර දී තිබේ. සිය නගරයට පැමිණෙන තුරු ආසාවෙන් බලාසිටි ජනතාවගේ පැතුම් ඉටු කරමින් මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය 37 වැනි වතාවට බදුරලිය නගරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

 

නව අදහස දක්වන්න