අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා | දිනමිණ

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

(බුද්ධිකා ඉඹුලාන)

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.

ඇමෙරිකානු ජාතිකයෙක කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 102 ක්වධක තනතුරු සඳහා අයදුම්කර තිබු අතර ඒවා සළකා බැලීමෙන් අනතුරුව සම්මුඛ පරික්ෂණ සඳහා අයදුම්පත් 79ක් තෝරාගෙන තිබෙයි.

මෙම තනතුර සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා තිබූ බැවින් ඇමරිකානු ජාතිකයාගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති අතර පිරිමි අය පමණක් මේ සඳහා බඳවා ගන්නා බැවින් කාන්තාවන් දෙදෙනාගේ අයදුම්පත් ද ප්‍රතික්ෂේප විය.

එම අයදුම්කරුවන් 79 දෙනා අතරින් වධක තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමට නියමිතය. වධක තනතුර සඳහා  තෝරා ගැනෙන සුදුස්සන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සේවයට යෙදවීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

නව අදහස දක්වන්න