හංවැල්ලේ සැකකටයුතු මරණයක් | දිනමිණ

හංවැල්ලේ සැකකටයුතු මරණයක්

හංවැල්ල පොලිස් වසමේ ගැටේමාවර පාර, තුම්මෝදර ප්‍රදේශයේ දී ඊයේ(17) දහවල් 1.50ට පමණ සැකකටයුතු මරණයක් හමුවී තිබේ.
 
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වයස අවුරුදු 35ක් පමණ පිරිමි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
මෘත ශරීරය ඇති ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර, මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ අද(18) සිදු කිරීමට නියමිතය.
 
හංවැල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

නව අදහස දක්වන්න