ඕනෑම වගකීමක් දැරීමේ භාරදූර ශක්තිය කාන්තාව සතුයි | දිනමිණ

ඕනෑම වගකීමක් දැරීමේ භාරදූර ශක්තිය කාන්තාව සතුයි

අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරළ

සමාජයේ තවත් කාන්තාවක් ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නේ නම් ජාතියක් ලෙස නැඟී සිටින්නට අපහසු නොවන බවයි. අද පමණක් නොව අතීතයේ ද ඕනෑම භාරධූර වගකීමක් දැරීමේ ශක්තිය කාන්තාව සතු වූ බව පැවසූ අමාත්‍යවරිය අවශ්‍ය වන්නේ එදා පැවැති ක්‍රමවේදය සවිබල ගැන්වීම පමණක් බව ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලය හා ජාතික සමූපකාර කාන්තා කමිටුව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය හා සාම විනිසුරු පත්වීම් ප්‍රදානය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) කොළඹ, ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩල ප්‍රධාන කාර්යාල‍ ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදී අමාත්‍යවරිය එසේ පැවැසුවාය.

මෙහිදී පළාත් නවයම නියෝජනය වන පරිදි සමූපකාර ක්ෂේත්‍රයේ නියුතු සමූපකාර නිලධාරීන් 49 දෙනකු වෙත සාම විනිසුරු පත්වීම් ලිපි ප්‍රදානය කරන ලද අතර ඒ අතරින් 43 දෙනකු කාන්තාවන් වීම විශේෂත්වයකි. කාන්තාවක් ලෙස තමන් බලාපොරොත්තු වන්නේ සම තැන නොව නිසි තැන බව ද, මෙම තනතුර ලබා දීමේ දී ගෞරවය, උගත්බව, වගකීම් සහගත බව, ඉදිරිපත් වීම මෙන්ම අවංක බව ද බලපෑ බව සඳහන් කළාය. එම විශ්වාසය රකිමින් හා තනතුරේ ගරුත්වය ආරක්ෂා කරමින් රටේ වැදගත් කටයුතු වලට දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සාම විනිසුරු පත්වීම්ලාභීන් ගෙන් ඉල්ලා සිටියාය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ හා ජාතික සමූපකාර කාන්තා කමිටුවේ නිලධාරීන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 ක්‍රිසන්ති විතාරණ
ඡායාරූප- සුලෝචන ගමගේ 

නව අදහස දක්වන්න