හිඟන වෙසින් ගිහින් කුඩු විකුණන්න හදලා | දිනමිණ

හිඟන වෙසින් ගිහින් කුඩු විකුණන්න හදලා

ආබාධිත යාචකයන් ලෙස ඇල්පිටිය නගරයේ සැරි සැරූ යුවළක් හෙරොයින් අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත (15) දින සැකපිට අත් අඩංගුවට ගත්බව ඇල්පිටිය පොලීසිය පවසයි.සැක පිට අත් අඩංගුවට පත්ව ඇත්තේ පයාගල ප‍්‍රදේශයේ පදිංචි පනස් දෙවන වියැති පිරිමි පුද්ගලයෙකු හා එම ප්‍රදේශයේම පදිංචි හතලිස් පස් වියැති කාන්තාවකි.

අබාධිත යැයි කියන කාන්තාව වඩාගෙන පිරිමි පුද්ගලයා ඇල්පිටිය බස්නැවතුම්පොළ තුළ හා ඒ අවට සිටි මෙම යුවළ කලක සිට හෙරොයින් ජාවාරමේ නිරතව සිටින බවට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ ඇල්පිටිය පොලීසිය බස් නැවතුම්පොළ හා ඒ අවට වෙළෙඳ සල් පරීක්ෂා කළද ආබාධිත යුවළ සොයා ගැනීමට නොලැබිණ.

ඒ වන විට ඔවුන් පලා ගොස් සිටියහ. නැවත පොලීසියට ලැබුණු තොරතුරක් මත ඇල්පිටිය අලූත්ගම මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංගම බසයක නැග සැඟවී සිටි යුවළ බටුවන්හේන ප්‍රදේශයේදී ලූහුබැඳ ගොස් අත් අඩංගුවට ගෙන ඇත.

ඇල්පිටිය විශේෂ - ඩී ජේ විජේසිංහ


නව අදහස දක්වන්න