KG එක්ක 6ක් තලවාකැලේ | දිනමිණ

KG එක්ක 6ක් තලවාකැලේ

නීති විරෝධී කේරළ ගංජා මිලී ග්‍රෑම්ස් 10000 ක් සමග තරුණයන් 06 දෙනෙක් තලවාකැලේ කටුකැලේ ප්‍රදේශයේදී හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් (15) පස්වරු 05.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සන්තකයේ තබාගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ශාන්තද සිල්වා මහතාගේ උපදෙස් පරිදි, සුරාබදු අධිකාරි නුවරඑළිය රොෂාන් විජේරත්න මහතාගේ මග පෙන්විම යටතේ, හැටන් සුරාබදු ස්ථානාධිපති, සුරා බදු පරීක්ෂක අයි.ජේ.ඒ.පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන් වන ආර්.අබේසේකර, සුරාබදු කෝප්‍රල් එම්.සත්‍යශීලන්, සුරාබදු නියාමකවරුන් වන විජේබණ්ඩාර, රාජපක්ෂ, දිසානායක, මහේෂ්, සංජීය, විමුක්ති හා ධනංජය යන නිලධාරිහූ මෙම වැටලීමට සහභාගී වූහ.

සැකකරුවන් පිරිස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

 

නව අදහස දක්වන්න