දින 14කදී නාඋල රෝගීන් 14කට පිහිට - සුව­සැ­රිය ගිලන් රියෙන් | දිනමිණ

දින 14කදී නාඋල රෝගීන් 14කට පිහිට - සුව­සැ­රිය ගිලන් රියෙන්

 

ඉන්දියානු රජය යටතේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවය හරහා නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ලබාදී ඇති ගිලන් රථයෙන් දින 14ක් තුළ රෝගීන් 14 දෙනෙක් සඳහා පහසුකම් සැපයු බව එම කාර්ය මණ්ඩලය කියයි.

සුවසැරිය ගිලන් රථ සේවාව නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය මස 24 වැනිදා සිට ක්‍රියාත්මකය.

අතී නවීන පහසුකම් සහිත පැය 24 පුරා ක්‍රියාත්මක මේ ගිලන් රථ සේවාව මගින් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැබිනි මවුවරුන්, හදිසි අනතුරුවලට ලක් වූ පිරිස් හා අසාධ්‍ය රෝගීන් වැනි පිරිස් මාතලේ, මහනුවර ආදී මධ්‍යම පළාතේ ප්‍රධාන රෝහල් වෙත රැගෙන යෑමට ගිලන් රථ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.

නාඋල සමූහ අයි. ඒ. කුමාර

නව අදහස දක්වන්න