ඉදි­රියේ දී දඹුල්ල සංව­ර්ධන මර්ම­ස්ථා­න­යක් - ඇමැති චම්පික දඹුල්ලේ දී කියයි | දිනමිණ

ඉදි­රියේ දී දඹුල්ල සංව­ර්ධන මර්ම­ස්ථා­න­යක් - ඇමැති චම්පික දඹුල්ලේ දී කියයි

ශ්‍රී ලංකාව හරිත නගරයක් කිරීමේ වැඩසටහන යටතේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා මාර්ගයේ සියලු නගර සංවර්ධනය කිරීමේ දී දඹුල්ල නගරයට ප්‍රම්‍රඛතාව හිමි වන බැවින් ඉදිරියේ දි මේ නගරය සංවර්ධන මර්මස්ථානයක් බවට පත්වන්නේ යැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඇමතිවරයා එසේ පැවැසුවේ පසුගියදා (15) නාගරික සංවර්ධන අධිකාරිය සහ මාතලේ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතනයන්ගේ සහභාගීත්වයෙන් දඹුල්ලෙහි පැවැති ‘ජනපියස’ මහජන ජංගම සේවය වැඩසටහනට සහභාගිවෙමිනි.

මෙහි දී ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ජාතික භෞතික සැලැස්ම අනුව ක්‍රියාත්මක කෙරෙන මේ සංවර්ධන සැලැස්ම යටතේ දඹුල්ල නගරය උපාය මාර්ගයක් ලෙස වැඩි දියුණු කිරීම මෙහි අපේක්ෂාවයි. එහි එක් පියවරක් ලෙස දඹුල්ල නගරය හරිත නගරයක් ලෙස වැඩි දියුණු කිරීම මේ සමඟම ආරම්භ කරනවා.

මාතලේ දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න