අජිත් කරුණාතිලකට දස ප්‍රයාම ඉසව්වෙන් රිදී පදක්කමක් | දිනමිණ

අජිත් කරුණාතිලකට දස ප්‍රයාම ඉසව්වෙන් රිදී පදක්කමක්

ප්‍රින්ස් ගුණසේකර

ඉන්දියාවේ පටියාලා ක්‍රීඩාංගණයේදී පැවැති ෆෙඩරේෂන් කුසලාන මලල ක්‍රීඩා ශූරතාවලියයේ දස ප්‍රයාම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අජිත් කරුණාතිලක සමත් වෙයි.

පෙරේදා පැවැති මේ තරගයේදී අජිත් කරුණාතිලක ලකුණු 6959ක් සටහන් කළේය. මෙහි රන් පදක්කම හර්යානා ප්‍රාන්තයේ බූටා සිංග් ලකුණු 7186කින් හා ලෝකඩ පදක්කම කර්නාටක ප්‍රාන්තයේ අබිෂේක් එන්. ෂෙට්ටී ලකුණු 6770 දිනා ගත්හ.

එළඹෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමට නම් දස ප්‍රයාම ඉසව්වෙන් පරිසාධන මට්ටම වූ ලකුණු 7400ක සීමාව ඉක්මවා දක්ෂතා දැක්විය යුතුවිය. දස ප්‍රයාම ශ්‍රී ලංකා වාර්තාව අජිත් සතුව ඇති අතර හෙතෙම ලකුණු 7356 ක් වාර්තා කර ඇත.

 


නව අදහස දක්වන්න