දූෂණ වංචා ජනපති කොමිසමට පැමිණිලි විගණන වාර්තා කැඳවයි | දිනමිණ

දූෂණ වංචා ජනපති කොමිසමට පැමිණිලි විගණන වාර්තා කැඳවයි

විජයානි එදිරිසිංහ

පසුගිය කාලය තුළ රජයේ ආයතන සිදු වී ඇතැයි කියන විවිධ දුෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ විභාග වන පැමිණිලි ගණනාවකට අදාළ විගණන වාර්තා කැඳවා තිබේ. ඒ අතර මේ වන විට පැමිණිලි නවසියයකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව ද එම පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තා කරයි.

මේ පැමිණිලි අතරින් විස්සක් පමණ එම කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත විමර්ශන කටයුතු සඳහා යොමු කර තිබේ.

එම කොමිෂන් සභාව එම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන වෙත ගොස් සිදුවී ඇතැයි කියන දූෂණ වංචාවලට අදාළ තොරතුරු විමර්ශනය කරනු ලබයි. ඒ අතර ඒවාට අදාළ විගණන වාර්තා කැඳවා ඇත්තේ එම ආයතන සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය සිදු කරන ලද විගණන පරීක්ෂණවල තොරතුරු දැන ගනු පිණිස වෙයි.

ඒ අනුව අදාළ පරීක්ෂණවලට යොමු කර ඇති ආයතන විස්සක පමණ විගණන වාර්තා අනිවාර්යයෙන්ම මේ පරීක්ෂණවලට යොමු වෙයි.

මේ පරීක්ෂණවලදී එම රජයේ ආයතනවල ඉහළ සහ පහළ සැම නිලධාරියකුගෙන්ම මෙසේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

නව අදහස දක්වන්න