මට කිසිදු චෝදනාවක් නෑ | දිනමිණ

මට කිසිදු චෝදනාවක් නෑ

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, මහින්ද අළුත්ගෙදර

මහ බැකු බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් තමන්ට කිසිදු චෝදනාවක් නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී (14) පෙරේදා අවධාරණය කළේය.

මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අගමැතිවරයාගේ පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා එසේ පැවැසීය.

මැරයින් සර්විස් ආයතනය පිළිබඳ නානායක්කාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුව සම්බන්ධ කාරණ‍ාවේදී තමන් ඇමැතිවරයකු නොවන බවත්, 2000 වසරේ දී එම කටයුතු සිදු වූ බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය. පර්ක් හා මැරයින් සර්විස් පිළිබඳ කාරණාවේ දී ඇමැතිවරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා කටයුතු කළ බවත්, පී. බී. ජයසුන්දර මහතා භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළ බවත් අවධාරණය කළේය. වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන මැරයින් සර්විස් කරුණ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කොමිසම වගකීම දැරූ බවත්, කැබිනට් මණ්ඩලයේ ද එම කරුණ සඳහන් නොවන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

නව අදහස දක්වන්න