කිරි ගවයන් 490 කට අභයදානය | දිනමිණ

කිරි ගවයන් 490 කට අභයදානය

වාද්දුව ගවයන් ඝාතනයෙන් මුදා සුරැකීමේ සමිතිය මඟින් ගව ඝාතනාගාරවල මරණයට කැපවී සිටි කිරි ගවයින් එයින් මුදා අභයදාන දී අනුරාධපුර තන්ත්‍රිමලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන "ගව බැංකුව" වෙත සුරැකීම සඳහා බාරදීමේ පිංකමක් පසුගියදා සිදුකෙරිණි.

මෙම සමිතිය මඟින් මේ වන විට කිරි ගවයන් 490 කට අභයදානය දී සුරකීම සඳහා තන්ත්‍රිමලේ ගව බැංකුව වෙත භාරදී ඇති අතර මෙවර කිරි ගවයන් 10 දෙනෙකු මරණයෙන් බේරාගෙනවිත් එම සතුන්ට කවා, පොවා පිරිත් පැනින් නහවා ගව බැංකුවට භාරදීමට පෙර මේ ස්වාමීන් වහන්සේ පිරිත් පැණින් නහවා ආශීර්වාද කළ අවස්ථාව.

තල්පිටියේ ඩබ්ලිව්. එම්. එන්. වී. විජේනායක - වාද්දුව සංචාරක

 

නව අදහස දක්වන්න