ආඬිඅම්බලම රෝමානු කතෝලික ප්‍රාථමික විදුහලට නෙදර්ලන්ත තානාපතිනිය පැමිණි දා | දිනමිණ

ආඬිඅම්බලම රෝමානු කතෝලික ප්‍රාථමික විදුහලට නෙදර්ලන්ත තානාපතිනිය පැමිණි දා

නෙදර්ලන්තයේ අනුබද්ධිත “කන්සාර්මන් ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන්” නමැති රාජ්‍ය නොවන සංවිධානයේ අනුග්‍රහයෙන් ආඬිඅම්බලම රෝමානු කතෝලික ප්‍රාථමික විදුහලට ඉමහත් අඩුපාඩුවක්ව පැවති සිසු දරු දැරියන්ගේ සනීපාරක්ෂක කටයුතු සඳහා වැසිකිළි පද්ධතියක් හා විශාල ජල ටැංකියක් ඇතුළු පානීය ජල ව්‍යාපෘතියක් ලබා දීම පසුගියදා සිදු කෙරිණි.

වර්ෂ 2004 දී ආරම්භ කරන ලද මේ “කන්සාර්මන් ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන්” නමැති රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්ෂ “විලෙම්වෑන් ගීස්ට්” මහතා මඟින් කලාපයේ අඩු පහසුකම් සහිත පාසල් 100කට පමණ මෙවැනි සත්කාරවලට මේ ආයතනයෙන් මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත. විදුහල්පතිනි මාලාද සිල්වා මහත්මියගේ ඉල්ලීම පරිදි එම රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත චමින්ද ප්‍රනාන්දු පුල්ලේ හා ප්‍රියන්ත ප්‍රනාන්දු පුල්ලේ මහත්වරුන්ගේ දැඩි කැපවීම මත එම ව්‍යාපෘතිය එම විදුහලට ලබා ගැනීමට දායක විය.

නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපතිනිය “ජෝආන් ඩොර්නිවෝඩ්” මැතිනිය, විදුහල් තූර්ය වාදක කණ්ඩායම විසින් උත්සව ශාලාව වෙත කැඳවා යන අයුරු හා විදුහල්පතිනි මාලා ද සිල්වා මහත්මිය හා අධ්‍යක්ෂ විලෙමි වෑන් ගීස්ට් මහතා හා චමින්ද ප්‍රනාන්දු පුල්ලේ මහත්වරු මෙහි වෙති.

සේයාරුව - දමින්නගහවත්ත , යසපාල චන්ද්‍රසිරි

නව අදහස දක්වන්න